ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව මිස ජනා...
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව මිස ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැහැදීමකින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පසුගිය කාලය තුළ ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිගත නොහැකි අතර මන්ත්‍රීවරු තුළ පවත්නා කෝපය සාධාරණ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
නමුත් අවසාන වශයෙන් පක්ෂයේ තීන්දුවට අවනත වීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.
COMMENTS