වැලිකඩ බන්ධනාගාරය තුළ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීමට කටයුතු සැළසුම් කර ඇතැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා පවසයි. බන්ධනාගාර ...
වැලිකඩ බන්ධනාගාරය තුළ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීමට කටයුතු සැළසුම් කර ඇතැයි වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා පවසයි.
බන්ධනාගාර රැඳවියන්ගේ කුසළතා වර්ධනය කිරීමටත්, දවසේ සිතිවිලි දහම් සිතිවිලි මෙන්ම දවසේ සිදුවීම් ඇතුළත් ප්‍රවෘත්ති විකාශයක් ප්‍රචාරය කිරීමත් මෙහි අරමුණ බව උඩුවර මහතා වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ට ශ්‍රවණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ගුවන් විදුලි සේවය බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් සිදුකිරීමට පිඹුරුපත් සකස්කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පියසිරි වටගොඩ මහතාගේ මගපෙන්වීම මත මෙම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම සකස් කරමින් පවතින බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS