ලොව ගුවන්යානා නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන ඇමරිකානු බොයිං සමාගමට මේ වන විට චෝදනා පිට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ පසුගිය ඉරිදා ඉතියෝපියා...
ලොව ගුවන්යානා නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන ඇමරිකානු බොයිං සමාගමට මේ වන විට චෝදනා පිට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බොයිං 737 මැක්ස් - 8 වර්ගයේ කඩා වැටී එහි මගීන් හා කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකු මිය යාමේ සිදුවීමත් සමඟයි.
යානයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා ගුවන් යානයේ නියමුවා එය ආපසු ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ යානය කඩා වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය තුල කොරියානු ජාතිකයන් 32 ක්,කැනඩා ජාතිකයන් 18 ක්, බි‍්‍රතාන්‍ය ජාතිකයන් හතක්,ඇමරිකානුවන් අටක්, චීන ජාතිකයන් 8 ක් හා ඉතාලි ජාතිකයන් අටක් ඒ අතර සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන් 19 ක්ද අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිට තිබෙනවා.
මේ අතර අදාල ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි Antonis Mavropoulos නමැති ග්‍රීක ජාතිකයෙකු විනාඩි දෙකක් ප්‍රමාද වීම නිසා ගුවන් යානයට නැගගත නොහැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් තමන්ගේ ජීවිතය බේරුනු බවත්, ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනා.

COMMENTS