දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
1990 සුවසැරියෙන් පසුව ඇමති හර්ෂගෙන් ප්‍රභාෂ්වර
Homeගොසිප්

1990 සුවසැරියෙන් පසුව ඇමති හර්ෂගෙන් ප්‍රභාෂ්වර

PropellerAds

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සමහරුන් හඳුන්වන්නේ ගිලන් රථ ඇමති ලෙසයි. ඔහු‍ෙ1990 සුවසැරිය ගිලන් රථ සේවය...

ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි.
මහින්දට අගමැති වෙන්නත් බෑ : ගෝඨාට කැමැතිත් නෑ.
මහේල ගැන නීටා අම්බානි කියන කතාව...
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සමහරුන් හඳුන්වන්නේ ගිලන් රථ ඇමති ලෙසයි. ඔහු‍ෙ1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ වීම ඊට හේතුවයි. ඔහු මෙම සේවය ලංකාවට හඳුන්වා දුන්නේ දැඩි විරෝධතාවයක් මැද. නමුත් දැන්  ලංකාවේ බොහෝ දෙනෙකු මෙම සේවාව ගැන ගුණ ගායනා කරන අතර ගිලන් රථයක ඉපදුණු බිළින්දෙකුට හර්ෂ යනුවෙන් නම දැමූ ආරංචියක් ද පසුගියදා පැතිරුණා.

මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ  'ප්‍රභාෂ්වර' නමින් අළුත්ම වැඩසටහන් පටන් අරන්. මෙම වැඩසටහනේ පළමු පියවර විදිහට ලබන සෙනසුරාදා (30) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කරන්න පුළුවන් උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ලංකාවේ පළමු කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරනවා. මෙය මාස හයකින් ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය මගින් ප්‍රදානයක් ලබාදී තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ ගොවියාගේ අතිරික්ත අස්වැන්න ශීතාගාරවල ගබඩා කර අවශ්‍ය වේලාවට දේශීය සහ විදේශීය වෙළඳපොළ වලට යොමු කිරීමේ නව්‍ය හැරවුමක පළමු පියවර මෙය ලෙස සඳහන් කළ හැකියි. මෙම අරමුණු ජයගැනීම සඳහා මෙවර අයවැය මගින් ශීතාගාර පහසුකම් සඳහා ආයෝජනය කරන ආයෝජකයින්ට බදු සහන මාලාවක් රජය විසින් ලබාදී තිබුණා. දඹුල්ලේ ඉදිකරන මෙම ශීතාගාර සංකීර්ණය වටා එළවළු සහ පළතුරු සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ගොඩ නැගීමද මෙම සැලසුම් වලට අයත් වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා “ප්‍රභාෂ්වර“ වැඩසටහනින් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් පහතින් දැක්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 1990 සුවසැරියෙන් පසුව ඇමති හර්ෂගෙන් ප්‍රභාෂ්වර
1990 සුවසැරියෙන් පසුව ඇමති හර්ෂගෙන් ප්‍රභාෂ්වර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgo-qG32dfi8_mLipM8w8NW0ajdXBGrTIp0mes2G9ls2vCbQHlB6XPW2URLbLl7ZBlIQ5aXBaE2ViDeatXOnQbTjlEKDczYAGOvzbhS59CMYu1fRIG36Jwvpg6Mzl5gFSTJDN3v6dIHHZU/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgo-qG32dfi8_mLipM8w8NW0ajdXBGrTIp0mes2G9ls2vCbQHlB6XPW2URLbLl7ZBlIQ5aXBaE2ViDeatXOnQbTjlEKDczYAGOvzbhS59CMYu1fRIG36Jwvpg6Mzl5gFSTJDN3v6dIHHZU/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/1990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/1990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy