දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට අගමැති වෙන්නත් බෑ : ගෝඨාට කැමැතිත් නෑ.
Homeගොසිප්

මහින්දට අගමැති වෙන්නත් බෑ : ගෝඨාට කැමැතිත් නෑ.

PropellerAds

දහනමවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති තනතුරේ අවස්ථානෝචිත පරිදි වැඩ බැලීමට නුසුදුසු අයෙකු අගමැති තනතුරට පත් කළ නොහැකිවීම හේතුවෙන් හිටපු ...

ගම දිනන ආණ්ඩුව හදන්නට මහනුවරට ජන ගඟක්.
දයාසිරි අර්ජුනට ක්‍රිකට් සභාපතිකම දෙන්න යයි.
'මම ජනාධිපතිධුරයෙන් යන්නේ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දීලයි'

දහනමවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති තනතුරේ අවස්ථානෝචිත පරිදි වැඩ බැලීමට නුසුදුසු අයෙකු අගමැති තනතුරට පත් කළ නොහැකිවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ජනපති ධූරයට පමණක් නොව අගමැති ධූරයටත් පත්විය නොහැකි බවට නීති තර්කයක් මතුව ඇතැයි රාවය පුවත්පත අනාවරණය කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ව්‍යවස්ථා කටයුතු පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ හිටපු සාමාජික උපුල් අබේරත්න මහතා විසින් කර ඇති අදහස් දැක්වීමකට අනුව මේ පුවත පලකර ඇත.

ඒ අනුව එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සුවිශේෂී තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීම ජනාධිපතිවරයාගේ යුතුකමක් බවත්, ඒ මහතා කියා සිටී.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව දෙවරක් ජනාධිපති ධූරයට පත්වූ අයකුට තෙවැනිවර එම ධූරයට පත්විය නොහැකිය.

ජනාධිපති මැරුණොත් පුළුවන් - ගම්මන්පිල 

මේ අතර, නීතීඥ උදය ගම්මන්පිල මහතා කියා සිටින්නේ දෙවරක් ජනාධිපති ධූරයට තොරාගත් පුද්ගලයකු තවදුරටත් ජනතාව විසින් ජනාධිපතිවරයකු ලෙස තෝරා ගැනීමට නුසුදුස්සෙකු වුවත් ජනපති ඉවත්වීමෙන්, ඉවත් කිරීමෙන් හෝ මිය යාමෙන් ජනාධිපති ධූරය පුරප්පාඩු වුවහොත් දෙවරක් ජනාධිපති වූ අයෙකුට ජනාධිපතිවීමට පත්වීමට 19 යේ බාධාවක් නොවන බවයි.

ජනපති ඉවත්වුවහොත් අගමැතිවරයාව පත් කළ යුතු යැයි නීතියක් නොමැති බවැන්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින වෙනත් මන්ත්‍රීවරයකු පත් කළ හැකි බැවින් මහින්ද මහතාට අගමැතිවීමට බාධාවක් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා කියා සිටී.

ගෝඨාට කැමැති නෑ

මේ අතර, “අනිද්දා” පුවත්පත වාර්තා කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන හා තිස්ස විතාරණ ඇතුළු පැරණි වමේ පක්ෂ නායකයන්ද, මැද මාවතේ අදහස් දරණ කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනඒමට අකමැත්තන් සිටින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල පෙළේ සාමාජිකයන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අකමැත්තක් දක්වන බවද එහි දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට අගමැති වෙන්නත් බෑ : ගෝඨාට කැමැතිත් නෑ.
මහින්දට අගමැති වෙන්නත් බෑ : ගෝඨාට කැමැතිත් නෑ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWL3qK_wt81P3yBgkD4CPJOuWT_mHh4sCyA4x3uBJpDjfIbmhYXB-eQ4_wBOZfG02eGAT2E9yIUDE19k4IIyzcsRANC7FW7jSom5JnsVD4Quo4MVLKXkGrrhVBN6fpet157m9aLLhQPoc/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWL3qK_wt81P3yBgkD4CPJOuWT_mHh4sCyA4x3uBJpDjfIbmhYXB-eQ4_wBOZfG02eGAT2E9yIUDE19k4IIyzcsRANC7FW7jSom5JnsVD4Quo4MVLKXkGrrhVBN6fpet157m9aLLhQPoc/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_441.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_441.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy