දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි.
Homeගොසිප්

ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි.

PropellerAds

''සමස්ත කොටස් මිල 2% කින් ඉහළයාමත් සමඟින්, බොම්බේ කොටස් වෙළෙඳපොළේ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවූ ප‍්‍රාග්ධන වත්කම් සහිත සාමාජිකයන්ගේ හව...

සුපිරි මෝටර් රථයකින් කරන බම්බලපිටියේ ගණිකා ජාවාරම හසුවෙයි
ඉස්කෝලෙ ලොකු සර් උම්මා ගන්න සිසුවාගේ ගෙදරට ගිහින් ගැමියන්ට මාට්ටු
මධුෂ්ගේ සල්ලි වලින් චිත්‍රපට නිෂ්පාදනය කළ අය හා හෝල් මිලට ගත්තු අයත් ඉන්නවා - රන්ජන්
''සමස්ත කොටස් මිල 2% කින් ඉහළයාමත් සමඟින්, බොම්බේ කොටස් වෙළෙඳපොළේ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවූ ප‍්‍රාග්ධන වත්කම් සහිත සාමාජිකයන්ගේ හවුලට එක්වීමට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම පසුගියදා සමත් වුණා. ආනන්ද මහින්ද්‍රා මහතාගේ නායකත්වයෙන් ඉදිරියටම යන මුම්බායි නගරය කේන්ද්‍රකරගත් මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමත්, අයිඩියල් සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් සමාගමත් එක්ව නුදුරේදීම රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට විවෘත කිරීමට සූදානම්. ඉන් පසුව මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම අත්පත් කරගත් ජයග‍්‍රහණයේ ප‍්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන්ට අත්විඳීමට පුළුවන්”, යැයි අයිඩියල් සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලීන් වෙල්ගම මහතා පැවැසීය.

නලීන් වෙල්ගම
මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ සාර්ථකත්වයේ අතුරු ප‍්‍රතිලාභ ශ්‍රී ලංකාවේ දේශීය රථවාහන ක්ෂේත‍්‍රයේ උන්නතියට අතිශය වැදගත් වන බවත්, ඉන් මෙරට කර්මාන්තශාලා පිහිටුවීම ස`දහා ගෝලීය රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයන් පොළඹවන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ප‍්‍රාග්ධන වත්කම් සලකා බැලීමේදී ටාටා සමූහයට අයත් ටාටා මෝටර්ස් ආයතනය අභිබවා යාමට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම සමත්වීම සුවිශේෂී කරුණකි. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කොටස්වල ඉහළ මිල හේතුවෙන් එය BSE Sensex දර්ශකයේ මුල් ආයතන හයට ඇතුළත්ව ඇති අතර, පසුගියදා Benchmark දර්ශකයේ පස්වැනි ස්ථානයට පත්වීමට සමත්විය.

රුපියල් කෝටි ලක්ෂයක ප‍්‍රාග්ධන වත්කම් අත්පත් කරගැනීමෙන් ටාටා මෝටර්ස් අභිබවා ගිය මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම, ප‍්‍රාග්ධන වත්කම් සස`දාබැලීමේදී මරුති සුසුකි ආයතනයට පමණක් දෙවෙනි වෙමින් ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ඉදිරියටම පැමිණ තිබේ. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමට අමතරව, රුපියල් කෝටි ලක්ෂයේ හවුලට මෑතකදී එක්වීමට සමත් වූ අනෙකුත් ආයතන වන්නේ ඉන්දුස්ඉන්ඞ් බැංකුව, බජාජ් ෆිනෑන්ස් සහ ඒෂියන් පේන්ට්ස් පමණි.

”ව්‍යාපෘතියේ 35%ක කොටසක හිමිකාරිත්වය මහින්ද්‍රා ආයතනය දරන අතර, ඉතිරි 65%ක කොටස හිමිවන්නේ අයිඩියල් මෝටර්ස් ආයතනයටයි. පසුගිය වසර නවය පුරාවටම මහින්ද්‍රා ආයතනයේ විශ්වාසවන්ත බෙදාහරින්නා වූයේ අයිඩියල් මෝටර්ස් ආයතනය යි. මේ එකමුතුවත් සමගින් මහින්ද්‍රා ආයතනයේ මෙරට කි‍්‍රයාකාරීත්වය තවදුරටත් ශක්තිමත් වේවි. මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් මහින්ද්‍රා කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඉදිරි වසර තුළ නිමවේවි. ලෝකයේ දියුණුතම තාක්ෂණ ක‍්‍රමවේද ඊට ඇතුළත් වීමට නියමිතයි”, වෙල්ගම මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව, මහින්ද්‍රා ආයතනයේ මුල් පෙළේ අපනයන රාජ්‍යයන් ත‍්‍රිත්වය අතරට අයත් වෙයි. මෙම නව කර්මාන්තශාලාව ඉදිවීමත් සමගින්, මූල්‍යමය වශයෙන් වර්ධනය වීමට අමතරව, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව, මහින්ද්‍රා ආයතනයේ විශේෂඥ ම`ගපෙන්වීම යටතේ කටයුතු කිරීමටත් සමස්ත දේශීය රථවාහන ක්ෂේත‍්‍රයටම අවස්ථාව හිමිවෙයි. ”මෙය මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් දැවැන්ත පිම්මක්. මෙමගින් ‘ලංකාවේ නිෂ්පාදිතයි’ යන වදනට නියම අරුතක් දෙමින්, දේශීය ආර්ථිකයේ වර්ධනයට දැවැන්ත රුකුලක් ලබාදෙන බවත් නියතයි. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම අත්පත් කරගත් කැපී පෙනෙන සාර්ථකත්වය අප ආයතන ද්විත්වයටම අතිශය වැදගත්. ඉන් අප ආයතන ද්විත්වය ස`දහාම අලූත් අවස්ථා උදාකර දෙනු ලබනවා. අපගේ ඉලක්කය අනන්තය පමණයි”, යැයි වෙල්ගම මහතා අවධාරණය කළේය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි.
ටාටා අභිබවා යාමට මහින්ද්‍රා ඔටෝ සමත්වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvX4ky5mUvyTQK2TemHP3zHnS8tE8bBKTKY8lbJ57KVU8lfR6RfAjqG394-E9JKnBiGkItyjOFbcQkKTv_Ko_aCrbw7C5yi3ADoWBgcDawyj3ruxgZ5w0YOMHwaxnUrTRfksFv7yGRdMs/s1600/Mahindra-logo_1.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvX4ky5mUvyTQK2TemHP3zHnS8tE8bBKTKY8lbJ57KVU8lfR6RfAjqG394-E9JKnBiGkItyjOFbcQkKTv_Ko_aCrbw7C5yi3ADoWBgcDawyj3ruxgZ5w0YOMHwaxnUrTRfksFv7yGRdMs/s72-c/Mahindra-logo_1.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_677.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_677.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy