දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක
Homeගොසිප්

රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක

PropellerAds

රත්ගමදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කොට ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් දකු...

ආණ්ඩුව ඇතුළෙ විශාල අර්බුදයක් –පාර්ලිමේන්තුව විසුරුවීම එජාපයෙන්ම කරාවි - වාසුදේව
දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්
බන්දුලගේ ලයිසියම් කතාව මහේල - නාමල් හෙළා දකිති

රත්ගමදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කොට ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා, රැඳවූ ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, නිශාන්තගේ
ඥාති සහෝදරයකු වීම නිසා මෙම ඝාතන සිද්ධිය හෙළිදරව් කළ උප පොලිස් පරීක්ෂකවරයාට බන්ධනාගාරය තුළදී බලපෑම් ඇති වීමේ ඉඩකඩක් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඉහත කී පොලිස් පරීක්ෂකවරයා සමඟ එකම සිරමැදිරියක් තුළ මේ වන විට රඳවා ඇති බවත් එම නිසා ඉදිරි විමර්ශන සඳහා එය බාධාවක් වීමට ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ගයන් කියා සිටි. උප පොලිස් පරීක්ෂකවරයාගේ සාක්ෂි මත මෙම අබිරහස් ඝාතනය හෙළිදරව් කර ගැනීමට රහස් පොලිසියට හැකි විය. මීට අමතරව රත්ගමදී පෙරේදා (23දා) විරෝධතාව අතර ඝාතනයට ලක්වූ අයකුගේ මවකගේ ජංගම දුරකථනයට කතා කොට කප්පම් මුදල් ඉල්ලා ඇත්තේද බන්ධනාගාරයක රඳවා සිටින සැකකරුවකු විසින් බවට පොලිසිය සැක පළ කරයි.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සිටිනා බවත් ඔවුන් යළි එවීමට
කප්පම් මුදල් ලබාදෙන ලෙසත් එම දුරකථන සංවාදයේදී කියා තිබිණි. එහි දුරකථන අංකය ඔස්සේ ඊට සම්බන්ධ අය සොයා විමර්ශනයක් මේ වන විට පොලිසිය විසින් ආරම්භ කර ඇත. එසේම මෙම ඝාතන සිද්ධියට සෘජුව පොලිස් නිලධාරීන් හතරදෙනකු වගකිවයුතු බවත්, ඉන් මේ වන විට පොලිස් නිලධාරීන් පස්දෙනකු පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළ අතර එම ස්ථාන මාරු ලබාදීමට එම නිලධාරීන් සොයන අවස්ථාවේ ඔවුන් සේවයට වාර්තා කර නොමැති බවත් අනාවරණය වී ඇත.මෙම නිලධාරීන් පස්දෙනා ඇතුළු එහි ස්ථානාධිපතිවරයාට අද (25දා) දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමටද දන්වා ඇති අතර ඔවුන් අද දින ඒ සඳහා පැමිණියේ නැති නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවද උසස් නිලධාරියා සඳහන් කළේය.

මේ අතර පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැවතී සිටි මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පැරැණි නිවෙසක් සහ එහි ගෙවත්ත පරීක්ෂා කිරීමට රහස් පොලිස් නිලධාරීන් පෙරේදා (23දා) කටයුතු කර ඇත. එහිදී එම නිවෙසේ කුණු ගොඩක් සඳහා කැපූ වළක සඟවා තිබූ ඩීසල් දමා පුලුස්සන ලද ජැකට් සහිත ඇඳුමක්, තවත් ඇඳුම් කොටස් කිහිපයක් සහ ජංගම දුරකථන කොටස් රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.එම ජැකැට්ටුව පොලිස් පරීක්ෂකවරයා ඇඳ සිටි බවටද රහස් පොලිසිය සැක පළ කරයි.

මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කොට කැබ් රථයක දමාගෙන වලස්මුල්ල, මැදගංගොඩ රක්ෂිතයට පොලිස් නිලධාරීන් කර මතින් රැගෙන ගොස් දර දමා ඩීසල් දමා ගිනිතබා ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ. පැය පහක පමණ කාලයක් ඔවුන්
දෙදෙනා පිලිස්සී ඇති අතර එම පිලිස්සූ ස්ථානය සිඳී ගිය දිය පහරක් බවද රහස් පොලිස් ආරංචි මාර්ගයන් පවසයි.  වර්ෂාව පතිත වූයේ නම් එම මිනිස් අස්ථි කොටස් පහළ ප්‍රදේශයට ගසාගෙන යෑමට ඉඩ තිබුණු බවත් එම ආරංචි මාර්ගයන් කියා සිටී.

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයකු මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (23දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එච්.ජී. විරාජ් මදුසංක නමැති අයෙකි.

මෙම ඝාතන සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු වන කපිල නිශාන්ත නමැති අයද මේ මස 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස්පතිවරයාගේ නියෝග මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සහ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංක යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා කරන ලද පාපෝච්චාරණය අනුව එම දෙදෙනා ඝාතනය කරන ලද නිවෙස සහ මළසිරුර ගෙනගොස් පුලුස්සා දමන ලද ස්ථානයද පසුගිය සිකුරාදා සොයා ගනු ලැබීය.  අක්මීමණ, ගොනාමුල්ලේ නිවෙසේ පිටුපස කොටසේ ඔවුන් ඝාතනය කර ඇති අතර නිවෙසේ ස්ථාන කිහිපයක තිබූ ලේ පැල්ලම් කිහිපයක්ද සොයාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

-එන්.ජී. ලියනගේ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක
රත්ගම ඝාතනයේ ප්‍රධාන සැකකාර IP සහ තොරතුරු හෙළි කළ SI එකම සිරමැදිරියක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiolTcJP7RCtSjhxsRPwJMU3Q_DFDppYawoWwXEwlLUa58Nq1Bl0kDF7RsQ9sZSTZ2MktQGiNLugb_tC_IHetRlP-uj6BcOcwQseev3hnP_PKkX4v3t6qg6auT-AyL_cKZ1cyiQog6PbO8/s1600/gossiplanka_2019-02-25-1931.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiolTcJP7RCtSjhxsRPwJMU3Q_DFDppYawoWwXEwlLUa58Nq1Bl0kDF7RsQ9sZSTZ2MktQGiNLugb_tC_IHetRlP-uj6BcOcwQseev3hnP_PKkX4v3t6qg6auT-AyL_cKZ1cyiQog6PbO8/s72-c/gossiplanka_2019-02-25-1931.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/ip-si.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/ip-si.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy