අනුරාධපුර, නෙළුම්කුලම ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට (08 වැනිදා) අලුයම අනවසරයෙන් ඇතුළු වූ බව කියන ගුවන් හමුදාවේ සේවයෙහි නියුතු කෝප්‍රල්වරයකු අ...
අම්පාර ප්‍රදේශයේ
මෙම ගුවන්හමුදා කෝප්‍රල්වරයා (08 වැනිදා) නිවාඩු ලබා අම්පාරේ සිට අනුරාධපුරයට පැමිණ නෙලුම්කුලම පිහිටි නිවසට යන අතරතුර අලුයම 1.00 ට පමණ අදාළ කාන්තාව පදිංචිව සිටින නිවසට ඇතුළු වී ඇය තනිව සිටි කාමරයට ඇතුළ්වී ඇත. එම අවස්‌ථාවේදී නිවසේ සිටි කාන්තාවගේ පියා විසින් පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට කළ දැනුම්දීම මත එම නිවසට පැමිණි පොලිස් නිලධාරින් විසින් මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ගුවන් හමුදා කෝප්‍රල්වරයා ද කාන්තාව පදිංචි ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
- පර්සි කුරුනේරු-
COMMENTS