විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත ලංකික සැකකරුවන් පහළොස් දෙනකුට රතු නිවේදන නිකුත් කිරීමට ඉන්ටර්පෝල් ආයතනය කටයුතු කර තිබේ. මේ...
ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඉතිරි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා නිවේදන නිකුත් කර ඇත්තේ සයිප්‍රසය, රුමේනියාව සහ කැනඩාව යන රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉල්ලීම අනුවය.
ශ්‍රී ලංකා පොලිසියේ අවශ්‍යතාව මත රතු නිවේදන නිකුත් කළ සැකකරුවන්
පෙරේදා (05) ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සමරසිංහ ආරවිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් ඉන්ටපෝල් නිල් නිවේදනයක් නිකුත් කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේදී කළ අපරාධ සම්බන්ධයෙන් මධූ අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසියට නොහැකිය. ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
-උපුලි ජයරත්න-
COMMENTS