දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි
Homeප්‍රවෘත්ති

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි

PropellerAds

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාගැනීමේ සටනේ දී වතුකරයේ දෙමළ දේශපාලනඥයින් සමග තමන් ද සාකච්ඡා කළ බවත්, ඉන්පසු එම දේශපාලනඥ...

ඊයේ සිට බලපාන අඩු සැර - වැඩි සැර මිල ගණන් මෙන්න.
කරන්නාගොඩගෙන් ජනාධිපතිට ලණුවක්?
නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ නීති වෙනස් වියයුතුයි - සාගල රත්නායක
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාගැනීමේ සටනේ දී වතුකරයේ දෙමළ දේශපාලනඥයින් සමග තමන් ද සාකච්ඡා කළ බවත්, ඉන්පසු එම දේශපාලනඥයින්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසු රුපියල් 800 ක දෛනික වැටුපක් ලබාගැනීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කළුතර දිස්ත්‍රික්කයේ නායකයින්ගේ රැස්වීමේදීය.

"වතු කම්කරුවන් වෙනුවෙන් රජය විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කින් වැඩි කිරීමේ සටනටත් මම දායක වුණා. පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් හා ආරුමුගම් තොණ්ඩමන් යන වතුකරයේ දේශපාලනඥයින් මා සමග සාකච්ඡා කළා. පලනි දිගම්බරම් අමාත්‍යවරයාට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද දැනුම් දී තිබුණේ මේ පිළිබඳව මා සමඟ සාකච්ඡා කරන ලෙසයි. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. එහිදී රුපියල් 750 ක් දක්වා වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟ වී තිබුණා. තවත් රුපියල් 50 ක් රජයෙන් ලබාදීමේ පදනම මත වතු කම්කරු වැටුප රුපියල් 800 දක්වා වැඩි කළා."

වතු යටිතල පහසුකම් සංවර්ධනයට මදිහත් වූ ආකාරය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.

"2002 වසරේ දී වතුකරයේ ජනතාවගේ නිවාස සෙවිලි කිරීම සඳහා ටකරන් ලබා දුන්නා. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ සහ මාගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. වතු කම්කරුවන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ රජයන් විශාල වැඩ කොටසක් ඉටු කළා. පසුගිය රජය සමයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීමට මම සහ ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා ඒකාබද්ධ කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය අමාත්‍ය මණ්ඩලය අනුමත කළත් ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. වතු රෝහල් අදියරෙන් අදියර රජයට පවරා ගනිමින් සංවර්ධනය කරනවා. වතුවල කෝවිල් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් මම එකතු කර තිබෙනවා. එම මුදල මම කළුතර දිස්ත්‍රික්කයේ කෝවිල් සංවර්ධනය කිරීම සඳහා වැය කරනවා. වතු මාර්ග සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර එම වැඩපිළිවෙළ මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි
http://am.lk/media/k2/items/cache/54b387c1f7c740778551688605f1ab9a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_949.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_949.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy