ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර පොලීසිය (Interpol) විසින් අද (14) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමිනි. දකුණු ආසියානු...
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර පොලීසිය (Interpol) විසින් අද (14) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමිනි.
දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල පුද්ගලයන් මෙම සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධව සිටින බවත් එය මේ වනවිට ජාත්‍යන්තර ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇති බවත් සාගල රත්නායක මහතා පවසයි. නීති-රීති ලිහිල්වීම හේතුවෙන් ඔවුන් කිසිදු බියකින් තොරව එම කටයුතුවල නිරතව සිටින අතර පවත්නා නීතිවලින් ඔහුන් පහසුවෙන් රිංගා යන බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.
විටින් විට නීතිවිරෝධී සංක්‍රමණකියන් අත්අඩංගුවට පත්වුවද මෙම ජාවාරම කිසිසේත් නවතා දැමීමට හැකි වී නොමැති බව ද ඇමතිවරයා පවසයි.
මෙරට නීති-රීති ශක්තිමත් කර නවීන ආරක්ෂක උපක්‍රම භාවිතා කළයුතු බවත් නීතිවිරෝධී සංක්‍රමණික ගැටලුවට ස්ථිරසා විසඳුම් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කළයුතු බවත් සාගල රත්නායක මහතා සඳහන් කරයි.
මේ වනවිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් එරට රැඳවුම්භාරයේ පසුවන බව පෙන්වා දුන් ඇමතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS