පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා බවක් කීමට නොහැකි නමුත් ඔහුගේ කිසිදු වැරදි ක්‍රියාකාරකමට තමන්ගේ සම්බන්ධයක...
පාතාල නායක මධුෂ් පදිංචිව සිටියේ මාකඳුරේ බැවින් තමන් ඔහුව නොහඳුනනා බවක් කීමට නොහැකි නමුත් ඔහුගේ කිසිදු වැරදි ක්‍රියාකාරකමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ය.
තමන්ගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සදහා මාකඳුරේ මධුෂ් සහභාගී වූ බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කර ඇති චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය. එසේම රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් නැඟෙන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තම පුත්‍රයාට කිසිදු රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති බවය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"මගේ ගම මාකඳුර. මධුෂ් මාකඳුරෙ නෙවෙයි. මධුෂ් කඹුරුපිටියෙ. අවුරුදු අටේදී තමයි මධුෂ්ගෙ පියා වෙන විවාහයක් කරගෙන කඹුරුපිටියෙ පදිංචි වුණේ. ඒ අතර කාලෙදි මගේ ගමේ තරුණ ළමයෙක් කඹුරුපිටියට ඉගන ගන්න ගියා. ඒ අතරතුරේ මධුෂ් මේ ළමයත් එක්ක යාළු වුණා. ගමේ ඉන්න හොඳ වැදගත් පවුලක්. යාළුවෙලා විවාහ වෙලා ඇවිල්ලා ඒ දෙන්නා මාකඳුරේ හිටියා. මධුෂ් විවිධ අවස්ථාවලදී ඉතාමත්ම හොඳ ව්‍යාපාර කරගෙන යන්න, දර කපලා විකුන්නා. කරවල විකුන්නා. පොඩි කඩයක් දාගෙන හිටියා."
"ඒත් ඔහුට මේ සමාජය විසින් විවිධ ප්‍රශ්න ඇති කරා. ජීවත් වුණු ඉඩමෙන් ඉවත් වෙන්න කිව්වා පළාත් සභාවේ ඇමතිවරයෙක්. ඒක කාර්මික ජනපදයක් කරනවා කියලා. එක පුද්ගලයෙක් මධුෂ්ගෙ කකුල උඩින් බයිසිකලය ගෙනිච්චා. ඒ පුද්ගලයා ඩැනී හිත්තැටියගේගෙ මස්සිනා. එතෙන්දි ආරවුලක් ඇතිවෙලා, ඔහුගේ නිවසට ඩැනී හිත්තැටියගේගෙ ඇමතිතුමා ඒ වෙලාවෙ තුවක්කුවක් අරගෙන ගිහින් ගෙදරට පැන්නා. ඊට පස්සෙ ඔහු ගමෙන් පැන්නා. වෙනත් සිද්ධියකට ඔහු හිරේ ඉන්න වෙලාවේ තමයි ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය වුණේ" යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ ඉතිහාසය ද ලක්ෂ්මන් යාපා මහතා එහිදී සිහිපත් කළේය.
COMMENTS