දැනට දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ජූනි මස මුල පමණ වනවිට යම් තරමක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ...
දැනට දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ජූනි මස මුල පමණ වනවිට යම් තරමක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සංචරණ නීති ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
මෙම සති අන්තයේ පූර්ණ වශයෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අවම වශයෙන් ආසාදිතයන් පහළොස් දහසක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරි මාසයේ දී රට යහපත් තැනකට ගෙන යාමට ජනතාවගේ සහාය අවශ්‍ය යයිද පැවසූ ඔහු ඉතා වගකීමෙන් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.
COMMENTS