දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද
Homeප්‍රවෘත්ති

"දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද

PropellerAds

අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක  ඒ අපරාධකරුවා මාධ්‍ය මගින්  වීරයෙක් බවට පත් කිරීමේදී   සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ග...

අයවැයට මූල්‍ය අරමුදලේ ප්‍රසාදය - ඩොලර් මිලියන 162ක් පිරිනමයි
දකුණේ බස් වර්ජනය තවදුරටත් - කොළඹට ආ බස් කිහිපයකට ගල් ප්‍රහාර (PHOTOS)
'දඩය තවත් වැඩිකළ යුතුයි' - ඇමති රාජිත

අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක  ඒ අපරාධකරුවා මාධ්‍ය මගින්  වීරයෙක් බවට පත් කිරීමේදී   සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ගලයා වගේ වුණොත් පත්තරේ වැටෙනවා. ටෙලිවිෂන් එකේ පෙන්වනවා කියලා එම නිසා  ඒවායෙන් මාධ්‍යයත් ඈත් විය යුතුව තිබෙන බව හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය .

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

''අපරාධකරුවා පිළිබඳව අනවශ්‍ය වීරත්වයක් ගොඩනගලා සමාජය ඔහු පිළිබඳව බලන විදිය වෙනස් කරන්න හදන එක වැරදියි බවත් ඒ හේතුවෙන් තරුණයන් වැරදි මත ඇති කරගන්න බවයි. අපි  පන්සල මුල් කරගෙන වෘත්තීය පුහුණු ඒකකය, නැණ සැල වැනි ආයතන ආරම්භ කළා. ඊට හේතුව වුණේ පන්සල දරුවන් සහ තරුණයන් වඩාත් ළංකිරීමයි. දහම් පාසල අනිවාර්ය කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. දහම් පාසල අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත් කළ යුතුයි. නමට ‍බෞද්ධයො වෙලා ඉඳලා වැඩක් නෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි."

අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් අපි සමාජය තුළ ඇති කළා. අපි භීෂණයට යටවෙලා හිටපු මිනිස්සු. ඒක අපේ තරුණයන්ට, අම්මලා තාත්තලාට අමතක වෙලා. අපි ඒ භීෂණයෙන් රට මුදවාගෙන තියෙනවා. බයක් නැතිව ජීවත් වෙන්න, යාපනයට යන්න, දකුණට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කළ බවද විපක්ෂ නායක වරයා මෙහිදී කියා සිටියේය .

ප්‍රභාකරන් යුද්ධයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච දේ යම් කෙනෙක් කොල කෑල්ලකින් ලබාගන්න සූදානම් වෙනවා නම් එයට මේ සමාජයේ ඉඩක් නැතෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා රට තුළ වෙන්නෙ මොනවද කියලා කියන දේ විතරක් පිළිගන්න එපා. බලලා දැනුම ලබාගෙන ඇත්තද නැත්තද කියලා බලලා පිළිගන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.'

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද
"දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ" - මහින්ද
http://am.lk/media/k2/items/cache/c53981299f989c04df17682bf7e07b7f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_826.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_826.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy