ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රථම ඇගයීම සම්පූර්ණ කර ඇති බැවින් ඒ අනුව තවත් ඩොලර් මිලියන 162.6ක් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීම...
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රථම ඇගයීම සම්පූර්ණ කර ඇති බැවින් ඒ අනුව තවත් ඩොලර් මිලියන 162.6ක් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට සිය විධායක මණ්ඩලය තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
මූල්‍ය අරමුදල මගින් වසර 03ක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාරය මේ අනුව ඩොලර් මිලියන 325.1 ඉක්මවයි.
එම අරමුදලේ විධායක මණ්ඩලය සඳහන් කර ඇත්තේ 2017 වසර සඳහා වන මෙරට අයවැය මගින් රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කරලීමට පියවර ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාර සතුටුදායක අන්දමින් යොදා ගන්නා බව විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩබලන සභාපති තා ඕ ෂෑන් මහතා ප්‍රකාශ කළේය.
ඔහු කියාසිටියේ ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ව ආර්ථික තත්ත්වය සහ මූල්‍ය වාතාවරණය අභියෝග හමුවේ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බවයි.
රජයේ බදු ආදායම් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රවාහනය ඇතුලු සේවාවන් කාර්යක්ෂම කිරීමටද මෙවර අයවැය යෝජනා මගින් පියවර ගෙන ඇති බවට මූල්‍ය අරමුදල අදහස් කරන බව ඔහු අවධාරණය කර සිටියේය.
COMMENTS