දකුණු පළාතේ මාර්ග කිහිිපයක ඇරඹූ පෞද්ගලික බස් රථ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. මාර්ග නීති කඩ කරන රියදුරන්ට අයවැයෙන් යෝජනා කළ දඩයට එරෙහිව...
දකුණු පළාතේ මාර්ග කිහිිපයක ඇරඹූ පෞද්ගලික බස් රථ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මාර්ග නීති කඩ කරන රියදුරන්ට අයවැයෙන් යෝජනා කළ දඩයට එරෙහිව කතරගම සිට අම්බලන්ගොඩ දක්වා අන්තර් පළාත් පෞද්ගලික බස් සේවකයින් විසින් ඊයේ (18) ආරම්භ කළ මෙම වර්ජනය අද වනවිට කෙටි ගමන් සේවා දක්වා ද ව්‍යාප්ත වී තිබේ.
ඒ් හේතුවෙන් ගාල්ල බස්නැවතුම් පොළේ දැඩි තදබදයක් ඇතිවී ඇති අතර මගී ජනතාව ගැටලු රැසකට මුහුණ පා ඇත.
මේ අතර අද දිනයේදී දකුණු පළාත් බස් රථ සේවකයන් කිහිපදෙනෙකු වර්ජනය අවසන් කර කොළඹ බලා බස් ධාවනය කර තිබූ නමුත්, අලුත්ගම, බූස්ස සහ රත්ගම ප්‍රදේශවලදී එම බස් රථවලට ගල් ප්‍රහාර එල්ල වූ බව මාතර මගී ප්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ මහතා කියාසිටියේය.
ඒ හේතුවෙන් තවදුරටත් බස් ධාවනයෙන් වැලකී සිටීමට ඔවුන් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, අද උදෑසන බස් රථවලට ගල් ප්‍රහාර එල්ල වූ බව පැවසෙන ප්‍රදේශවල පොලිස් ස්ථාන සඳහන් කළේ එවැනි ප්‍රහාර එල්ල වූ බවට තොරතුරු ලැබී නොමැති බවයි.
ඡායාරූප පහතින්.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS