දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාකඳුරේ මධුෂ් නිසා පාර්ලිමේන්තුව රත්වූ හැටි
Homeගොසිප්

මාකඳුරේ මධුෂ් නිසා පාර්ලිමේන්තුව රත්වූ හැටි

PropellerAds

පසුගිය සිකුරාදා මැති සබය තුළ මාකඳුරේ මධුෂ් පිළිබඳ කතාබහ කෙරිණි. "මධුෂ් සමඟ සම්බන්ධකම් පවත්නා අමාත්‍යවරුන් සිවුදෙනකු සිටිනවා. තවත් ද...

ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල
පකිස්තානයට එරෙහිව මාලිංගගේ පන්දුවට මිස් කරගත් උඩපන්දු දෙක (video)
ශ්‍රී ලංකාව පකිස්තානයට පැරදුණු පසු පළවූ Facebook නිර්මාණ

පසුගිය සිකුරාදා මැති සබය තුළ මාකඳුරේ මධුෂ් පිළිබඳ කතාබහ කෙරිණි.

"මධුෂ් සමඟ සම්බන්ධකම් පවත්නා අමාත්‍යවරුන් සිවුදෙනකු සිටිනවා. තවත් දේශපාලනඥයන් පිරිසක් සිටිනවා' යැයි කතාබහ සමාජය තුළ ප්‍රබලව සිදුවන නිසා මාකඳුරේ මධුෂ් පිළිබඳ එක් අතකින් පාර්ලිමේන්තුව
තුළ කතාබස්වීම පුදුමයක් නොවේ.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කරන පුද්ගලයකු මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ඩුබායිහි පළවන කලිජ් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවක් සමඟම දේශපාලන ලෝකය යම් රත්වීමකට ලක්විණි.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ හැක්කේ කැබිනට් අමාත්‍යවරයකුගේ නිර්දේශය මත පමණි. මේ සමඟම කැබිනට් අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් ලේකම්වරයකු මධුෂ් සමඟ සිටි බවටද දැඩි රාවයක් පැවතිණි.

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ කතාබහවීමට මෙම සියලු කරුණු බලපා තිබිණි.

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රශ්නය පසුගිය සිකුරාදා මැති සබය තුළ මතු කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල විසිනි.

'එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීජ් ටයිම්ස් පුවත්පතේ වාර්තා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයකු මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්වෙලා කියලා. මේ පුද්ගලයා කවුද කියලා ආණ්ඩුව වහාම රටට හෙළි කළ යුතුයි. මේ පුද්ගලයාට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාදීමට ක්‍රියා කළේ කවුද? එය ලබාගත්තේ කෙසේද? යනුවෙන් උදය ගම්මන්පිල මෙම ප්‍රශ්නය
මතුකළේය.

'මාකඳුරේ මධුෂ්ගේ සිද්ධිය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් මැති සබයට ළඟදීම ඉදිරිපත් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුවෙනවා. මූලික පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් මැති සබයට ඉදිරිපත් කරනවා' යනුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

"ඒ ගැන ආගමන විගමන පාලකවරයාගෙන් විමසලා තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික හෝ රාජකාරි ගමන් බලපත්‍රයක් මෙහිදී අහුවෙලා නැහැ කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මඩගැහීමේ ව්‍යාපාරයක් තමයි මේ සිදුකරන්නේ.' යනුවෙන් ජේ.සී. අලවතුවල සඳහන් කළේය.

මධුෂ් පිළිබඳ කතාව මැති සබය තුළ එසේ තාවකාලිකව අවසන් වුවද පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ස්ථාන කිහිපයකදීම ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් ජනතා නියෝජිතයන් අතර ප්‍රධාන මාතෘකාවක් වී තිබුණේ මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් සමඟ එහිදී අත්අඩංගුවට පත් කලාශිල්පීන් සම්බන්ධයෙන්ද මෙම කතාබස්වලදී අවධානය යොමුවී තිබිණි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රකාශයක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ආබාධිත පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්නවලට වහාම විසඳුම් ලබාදෙන ලෙසයි.

'ආබාධිත පොලිස් රණවිරුවන්ගේ අනුමත කර ඇති උසස්වීම්, විශ්‍රාම වැටුප්, හිඟ මුදල්, අවුරුදු 55ට පෙර මියගිය විට වැටුප් හා දීමනා යැපෙන්නන්ට ලබාදීම සහ අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය වහාම යොමුවිය යුතුයි' යනුවෙන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක විසින් ආණ්ඩුවට දැනුම් දෙන ලදී.

මීට ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් පිළිතුරු ලබාදුන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේ ආබාධිත හමුදා රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳූ ලෙසම ආබාධිත පොලිස් රණවිරු ප්‍රශ්නද විසඳන බවයි.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී සිදුවූ තවත් විශේෂ විවාදයක් වූයේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවේ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති කල්තබන අවස්ථාවේ විවාදයයි.

මෙම විවාදය පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමකට අනුවයි.

කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම කල්තැබීමේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන ලදී.

ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් බරපතළ විවේචන මෙම විවාදයේදී විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වීමද විශේෂත්වයකි. මෙම විවාදයේ තවත්

විශේෂත්වයක් වූයේ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වර්තමාන කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකුටම බරපතළ චෝදනාවක් එල්ල කිරීමයි.

'කෝප් කමිටුවේ බැඳුම්කර හොරුන් කිහිපදෙනකු සිටින හෙයින් ඉන් වහාම ඉවත් වන්න කියලා මං ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. රටේ පොදු මහජනතාවගේ දේපළ කොල්ලකාපු අය, හොරකම් කරපු අය, නඩු තියෙන අය කෝප් කමිටුවේ ඉන්නවා නම් ඒ අය එතැනින් ඉවත් වෙන්න ඕන. අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තු දෙදෙනෙක් කෝප් කමිටුවේ ඉන්නවා. මෙවැනි අය එක්ක මේ ගමන යන්න බැහැ. මේ අය එක්ක වැටලීම්වලට යන්න බැහැ. මිනිස්සු අපට හිනාවේවි' යනුවෙන් රන්ජන් රාමනායක විසින් කෝප් කමිටුවේ සිටින ඇතැම් සාමාජිකයන්ට බරපතළ චෝදනාවක් එල්ල කරන ලදී.

'ඕක අපි කවුරුත් දන්න දෙයක්. කෝප් කමිටුව සාමාජිකයන් පත්කරන්නේ මම නෙවෙයි. ඒක කරන්නෙත් පක්‍ෂ නායකයන්. කෝප් කමිටුව ඉදිරියේදී මාධ්‍යවේදීන්ට විවෘත කළොත් සමහරුන්ට ඒක ඇතුළේ ඩීල් ගහන්න බැරිවේවි' යනුවෙන්ද කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් පත්කර තිබෙන ආකාරය බොහෝ දෙනකුට පැටලෙන්නේය. ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් හඳුනාගත හැකි වුවද ඇතැම් අමාත්‍යවරුන් කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය කියා එක පාරටම හඳුනා ගැනීමට නොහැකි වන අවස්ථා ඕනෑ තරම් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටද මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුවිය.

බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේදී අනුර කුමාර දිසානායකට බුද්ධික පතිරණ කුමන අමාත්‍ය වර්ගයට අයත් වනවාද? කියා ගැටලුවක් පැන නැඟුණේය.

'ඇමැතිතුමා ඔයා නියෝජ්‍යණද? රාජ්‍යයද? මොකද එක එක වෙලාවට අලුත් අලුත් පත්වීම් දෙනවනේ. සමරුන්ට කැබිනට් කියලා දෙනවා. තවත් අයට කැබිනට් නොවන කියලා දෙනවා. එහෙම බැලුවහම මෙතැන බේ‍රායිලර් වගේම ගම් කුකුල්ලුත් ඉන්නවා' යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියපු කතාවට බොහෝ දෙනෙක් සිනහසුණහ.

මීට ප්‍රතිචාර දැක්වූ බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමාද හොඳ ගම් කුකුළෙක් බවයි.

ඒ කතාවටද සියල්ලෝම සිනාසුණහ.

මේ අතර පසුගිය පාර්ලිමේන්තු සතියේදී එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

'ශ්‍රී ලංකා එකෙන් ආණ්ඩුවට හෝ ජාතික ආණ්ඩුවට එන කට්ටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇමැතිකම් දිය යුතුයි. ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවේ ඇමැතිකම් දරන ගමන් අනෙක් අයට දෙන්න බැහැ කියන්න බැහැ' යනුවෙන් පැවැසුවේ ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයාය.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාකඳුරේ මධුෂ් නිසා පාර්ලිමේන්තුව රත්වූ හැටි
මාකඳුරේ මධුෂ් නිසා පාර්ලිමේන්තුව රත්වූ හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjad3NMLxSEfU94_i4kWKjkY4Nw-YnbrxjUv_DeBmPnyAb2Yqi9gUY6Ky9URPqlfoTZAfCOPK9ZEyn-ewqJRUbQpElR1ZNdQgA6v58N1qfRRrVvNz2yrQi7M2P0W8mIscPRndkc09NmKgQ/s1600/parliamentjpg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjad3NMLxSEfU94_i4kWKjkY4Nw-YnbrxjUv_DeBmPnyAb2Yqi9gUY6Ky9URPqlfoTZAfCOPK9ZEyn-ewqJRUbQpElR1ZNdQgA6v58N1qfRRrVvNz2yrQi7M2P0W8mIscPRndkc09NmKgQ/s72-c/parliamentjpg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_808.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_808.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy