පතාල නායක මාකඳුරේ මාධූෂ් අත්අඩංගුවට ගැනීම පුළුල් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බැවින් එහි ගෞරවය සියලු පාර්ශවයන්ට හිමිවිය යුතුබව සංවර්ධන ,උපාය ම...
පතාල නායක මාකඳුරේ මාධූෂ් අත්අඩංගුවට ගැනීම පුළුල් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බැවින් එහි ගෞරවය සියලු පාර්ශවයන්ට හිමිවිය යුතුබව සංවර්ධන ,උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අද වන විට මධූෂ් ඇල්ලීම ගැන කථා කරද්දි පියවරු 1000ක් පමණ සිටින බවත්, එම ජයග්‍රහණය එක් පුද්ගලයෙකුට හෝ දෙන්නෙකුට පමණක් හිමි විය යුතු දෙයක් නොවන බව ද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මධූෂ් අල්ලා ගැනීම දීර්ඝකාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වන බවත්, එක්වර එවැනි දෙයක් සිදු කිරීම අපහසු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙවැනි පතාල නායකයින් බිහි වුයේ, පසුගිය කාලයේ පැවති වාතාරණය අනුව බව ද නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.
එවැනි පුද්ගලයින්ට කිරි පොවා බලා ගත් පුද්ගලයින් පිළිබඳ පසුගිය කාලයේ හෙළිදරව් වී ඇති බවත්, 2015 වන විට කුඩු සාමාජිකයින් සිටි බවත්, 2015 පසුව රට තුළ එවැනි පතාල නායකයින්ට සිටිය නොහැකි තත්ත්වයක් උදා වු බවත් පැවසීය.
එනිසා පසුගිය වසර තුන හමාර තුළ සිදු කළ ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජනපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සිට සියලු දෙනාට එහි ගෞරවය හිමිවන බව ද නලීන් බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේය.
COMMENTS