දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් 150කට Smart Class Room 417ක්
Homeප්‍රවෘත්ති

පාසල් 150කට Smart Class Room 417ක්

PropellerAds

2017 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාවට නංවන ලද 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියර යටතේ  පාසල් 42 ක සිසු දරුවන් 2,400 ක් මේ වන විට...

පාසල් 150කට Smart Class Room 417ක්

2017 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාවට නංවන ලද 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියර යටතේ  පාසල් 42 ක සිසු දරුවන් 2,400 ක් මේ වන විටත් අධ්‍යාපනය ලබන බව අධ්‍යාපන අමාත්‍යංශ පවසයි.

මෙම වැඩසටහනේ දෙවන අදියර 2018 මැයි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව තවත් පාසල් 150 ක  සිසුන් 14,000 කට වෘත්තිය විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින අතර,  ඒ අනුව 2018 මැයි මාසය  වන විට ගුරුවරුන් 2,100ක් බඳවා ගැනිමට නියමිතය.

මීට අමතරව දෙවැනි අදියර ක්‍රියාත්මක කිරිමට තෝරා ගත්  පාසල් 150 ක් තුළ සුහුරු පන්ති කාමර Smart Class Room 417 ක් පිහිටු වීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ සිසුන්‍ට ප්‍රායෝගික වන වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂය මාලාවට එක්කර තිබෙන අතර අ.පො.ස (සා.පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ 13 වසරක පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසෙන අතර මෙම වැඩසටහන සඳහා 2018 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,500 කි..

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව 13 වසරක අධ්‍යාපන වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ වැඩ ලෝකයට ගැළපෙන ප්‍රයෝගික පුහුණුවකින් යුක්ත වෘත්තීය විෂය ධාරාවක් හැදැරීමට පාසලේ සිටම දරුවන් යොමුකරවීම තුළින් පුරවැසි හා ප්‍රජා වගකීම් ඉටු කරන කාර්යක්ෂම හා ඵලදායි ශ්‍රම බලකායක් මෙරට තුළ නිර්මාණය කිරීමයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් 150කට Smart Class Room 417ක්
පාසල් 150කට Smart Class Room 417ක්
http://am.lk/media/k2/items/cache/845df95f395e78068a85989899f9c2ec_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/150-smart-class-room-417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/150-smart-class-room-417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy