මැයි මාසයට පෙර පළාත් සභා ඡන්දය නොපවත්වන්නේ නම් ආණ්ඩුව පෙරළා පළාත් සභා මැතිවරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය ...
මැයි මාසයට පෙර පළාත් සභා ඡන්දය නොපවත්වන්නේ නම් ආණ්ඩුව පෙරළා පළාත් සභා මැතිවරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ඉන් පසුව ජනාධිපතිවරණයටද යා හැකි බවයි දිසානායක මහතා සඳහන් කළේ.
පසුගිය ඔක්තෝම්බර් 26 සිදුවූ පෙරළිය වැනි දෙයකට යළි සූදානම් වන්නේද යන්න මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම සැලැස්ම හෙළිකළ නොහැකි නමුත් වත්මන් ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බවයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.
මෛත්‍රී, ගෝඨාභය, බැසිල්, චමල්, දිනේෂ් වැනි අපේක්ෂකයන් රැසක් සිටියද එක්සත් ජාතික පක්ෂයට සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බව හෙතෙම කියා සිටියේය.
COMMENTS