මෙරට අපරාධ අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපරාධ මර්දනය කිරීමේ සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයක් කඩිනමින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා නවීන තාක්ෂණ...
මෙරට අපරාධ අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපරාධ මර්දනය කිරීමේ සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයක් කඩිනමින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
පසුගියදා පිලිපීනයේ සංචාරයක නිරත වෙමින් සිටි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එරට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා භාවිතා කරන නවීන තාක්ෂණය හා නවීන තාක්ෂණික ක්‍රමවේද දුටු තමන් පුදුමයටත්, මෙරට නිළධාරීන් සම්බන්ධයෙන් කණගාටුවටත් පත් වූ බවයි.
මෙම වැඩපිළිවෙළ යටතේ රටේ ඕනෑම තැනක සිදුවන අපරාධයක් සම්බන්ධයෙන් සියලු තොරතුරු එක්රැස් කර, අපරාධ පිළිබඳ සිදුකරන පරීක්ෂණවලදී තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා නවතම මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව මෙම අපරාධ බුද්ධ තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගය සකස් කර තිබේ.
මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පොලීසියේ VPN ජාලය තුළ ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම තොරතුරු විශ්ලේෂණ පද්ධතිය වෙත දිවයිනේ සියලුම පොලිස් ස්ථානයන් සඳහා දෛනිකව වාර්තා වන බල අපරාධ සම්බන්ධ දත්ත ඇතුළත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයෙහි VPN නිලධාරියා විසින් සිදුකරනු ලබයි.
බල අපරාධ
එහිදී මෙම අපරාධ දත්ත ප්‍රධාන බල අපරාධ වර්ග 26 අනුව අනු කොටස් යටතේ වර්ග කිරීම, අපරාධය සිදු වූ ස්ථානය Google සිතියම භාවිතා කරමින් අක්ෂාංශ හා දේශාංශ මූලික කොටගෙන පද්ධති තුළ ගබඩා කරගැනීම මෙහි ඇති විශේෂ ලක්‍ෂණයකි.
මෙම පද්ධතියට දත්ත ඇතුළත් කළ පසු දිවයින පුරා අපරාධ ව්‍යාප්තියේ වැඩිවීම, අපරාධ සිදුවන කාල හෝරාව හඳුනා ගැනීම, වැඩිම අපරාධ සිදුවන ප්‍රදේශ හඳුනා ගැනීම, අපරාධ සඳහා හේතු හඳුනා ගැනීම සහ අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනිමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
අපරාධ හා සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක හා අණදෙන නිලධාරී, පොලිස් විශේෂ කාර්ය බලකාය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, එම්.ආර්. ලතීෆ් මහතා, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි, ජගත් සේරම් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.
COMMENTS