සැප්තැම්බර් මස 23 වන දා සිට පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුර...
සැප්තැම්බර් මස 23 වන දා සිට පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල මෙලෙස සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 - 40 ක් පමණ වන බවත් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 - 55 දක්වා වැඩිවීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතියි.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS