තම පවුලේ නීතීඥයා ඊයේ රාත‍්‍රියේ ඩුබායි බලා යාමට නියමිතව සිටි බව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි. ඩුබායි අත්අඩ...
තම පවුලේ නීතීඥයා ඊයේ රාත‍්‍රියේ ඩුබායි බලා යාමට නියමිතව සිටි බව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි.
ඩුබායි අත්අඩංගුවේ සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි වෙත ගොස් ඇතත් සොහොන් පෙරේරාගේ ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු එහි ගොස් ඇත්තේ පවුලේ අනුදැනුම මත නොවන බවයි.
කෙසේවෙතත් ඩුබායි හි පොලිස් බාරයේ සිටින මදුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් පසුගිය දා ඩුබායි හෝටලයක පැවැති සාදයට සහභාගි වීම පිණිස එම හෝටලය වෙත පැමිණි සියලුම මෝටර් රථ ඩුබායි පොලිස් බාරයට ගෙනවිත් තිබූ අතර එම වාහන සියල්ලම ඊයේ(12) එරට විශේෂ පොලිස් කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වෙයි.
COMMENTS