දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ්මන් යාපයි පුතයි මදුෂ්ට උදව් කළ කතාව
Homeගොසිප්

ලක්ෂ්මන් යාපයි පුතයි මදුෂ්ට උදව් කළ කතාව

PropellerAds

ඩු බායිහිදී හසුවූ  පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්  සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුව බේරාගෙන ලංකාවෙන් පිටතට යාමට පවා උදව් කළේ පාර්ලිමේන්තු මන්ත...

කන්දට බර වැඩිවේ : විල්ෂෙයාර් කඳුයායේ ගස් 300 ක් කපයි.
සිවාජිලිංගම්ට හෘදයාබාදයක් - යාපනය දැඩි සත්කාර ඒකකයට.
මහනුවරට මහල් නවයක රථ ගාලක්.
ඩුබායිහිදී හසුවූ  පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්  සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුව බේරාගෙන ලංකාවෙන් පිටතට යාමට පවා උදව් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන බවට
ප්‍රකාශයක් කිරීම නිසා නඩු මගට එළැඹෙන බව අබේවර්ධන පවුල

වෙනුවෙන් නීතීඥ ලක්ෂිකා විතානගේ  එන්තරවාසි දෙකක් යොමු කර තිබෙයි.

ලක්ෂ්මන් යාපා හා පුතු පසඳ මදුෂ් සමග සමීප සබඳතා පැවැත්වූ බවට ජනමාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතාගෙන් රුපියල් මිලියන 900ක වන්දියක් අයකර දෙන ඇය ඉල්ලා ඇත.

 ඉකුත් 7 වැනිදා 'හිරු' රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වූ 'බලය' නමැති රූපවාහිනි වැඩසටහනට සහභාගි වූ අමාත්‍ය නලින් බණ්ඩාර මහතා තම සේවාදායකයන්ගේ කීර්තියට හානි කර අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇති බව
එන්තරවාසියේ දැක්වේ.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නමැත්තා නිර්මාණය කොට ඇත්තේ තම සේවාදායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා විසින් යැයිද මධුෂ් නමැත්තාට විදේශ ගතවීමට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍රය සකස් කිරීම තම සේවාදායකයන් දෙදෙනා උපකාර කළ බව ප්‍රකාශ කර ඇතැයිද එම එන්තරවාසියේ සඳහන් වේ.
මෙය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවත් ඒ තුළින් තම සේවාදායකයන් දෙදෙනාටත් ඔවුන්ගේපවුලේ සාමාජිකයන්ට දැඩි චිත්ත පීඩාවක් මානසික ආතතියක් මෙන්ම ඔවුන්ගේ කීර්තියට බරපතළ හානියක් සිදු වී ඇතැයිද එම එන්තරවාසි මඟින් පෙන්වා දී ඇත.


කෙසේ වෙතත් මේ ගැන නැවත සොයා බැලීමේදී හිරු ටීවී බලය වැඩසටහනේදී රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කිිසවෙුකගේ නමක් හෙළි නොකරන බවද අසන්නට ලැබේ. ඔහු එහිදී ඒ ගැන පවසා තිබුනේ මෙසේය.

'මදුෂ්ගේ ඉතිහාසය බලන කොට මදුෂ් නිර්මාණය කරන්නෙ කවුද කියන එකත් එක්ක පටන් ගන්න ඕන. දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මම නම් කියන්නෙ නෑ. හිටපු ඇමතිවරයෙක තමයි මදුෂ්ව නිර්මාණය කළේ. ඔහු ජාතික ආන්ඩුවෙත් රාජ්‍ය ඇමතිවරයෙක් විදිහට කටයුතු කළා.

මං වගකීම අරන් කියන්නෙ.නම කියන්නෑ මෙතන. එතකොට එහුට විදේශ ගතවෙන්න දැනට පාවිච්චි කරන පාස්පෝට් එක ගන්න උදව් කළේ ඔහු හෝ ඔහුගේ පුත්‍රයා. එතකොට අපි දැක්කා ඔහු උත්සාහ කළා. ඒ ඇමතිවරයාගේ පුතාගේ මංගල උත්සවයට එන්න. ඒ අවස්තාවෙදි පොලිසිය රැකවල්ලා සිටියා. සියලුම අවධානයෙන් හිටියා එතැනදි අත්අඩංගුවට ගන්න.මේක ඉව වැටිලා කොහොමහරි මග ඇරුනා අපට. ඊට පස්සෙ ඔහුගෙ පියාගෙ මළගෙදර සිද්ධ වුණා. ඒ අවස්තාවෙත් ඔහු ඒම මග ඇරියා අපි බොහොම තද විදිහට මේක ක්‍රියාත්මක කළ නිසා.
කොහොමහරි එහෙම තමයි ඇතිදැඩි වුනේ. මහ ලොකු චරිතයක් නෙමේ. නමුත් දේශපාලන සහය නිසා තමයි ඔය ප්‍රබල තැනට ආවේ.'

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ්මන් යාපයි පුතයි මදුෂ්ට උදව් කළ කතාව
ලක්ෂ්මන් යාපයි පුතයි මදුෂ්ට උදව් කළ කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1-OIog135pn5oEfjxwjPa8EWjw_3hH_Ngs_0RPOTzry5A10ekjHHC-F-Icj3OELAu1onzqkvhlu5jEsYUx4dUolLjIhbvIDJNcsMnl0xssNgin8rCPLVyFc27WVP2ahOADC1L296sTB8/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1-OIog135pn5oEfjxwjPa8EWjw_3hH_Ngs_0RPOTzry5A10ekjHHC-F-Icj3OELAu1onzqkvhlu5jEsYUx4dUolLjIhbvIDJNcsMnl0xssNgin8rCPLVyFc27WVP2ahOADC1L296sTB8/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy