දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රන්ජන් අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා" - රන්ජන්ට එජාපයත් එරෙහි වෙයි
Homeප්‍රවෘත්ති

"රන්ජන් අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා" - රන්ජන්ට එජාපයත් එරෙහි වෙයි

PropellerAds

'අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා' යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ...

ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි
පොලිස් ස්ථාන ගණන වැඩි කිරීමේ සූදානමක්
එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක

'අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා' යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කිරීමත් සමඟම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දී පැවැත්විණි.

මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් 24 දෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ලද ප්‍රකාශයයි.

ප්‍රථමයෙන්ම අදහස් දක්වා ඇති හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක්කරන ලදී. මේ අවස්ථාවේදී රන්ජන් රාමනායක සිටියා නම් අනිවාර්යයෙන්ම ඔහුට පහරදෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව ‍ෙදාස්තර රාජිත සේනාරත්න, රවි කරුණානායක, තලතා අතුකෝරල, ජෝන් අමරතුංග, සාගල රත්නායක ඇතුළු අමාත්‍යවරුන් රැසක්ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සිඩ්නි ජයරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින්ද රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කර ඇත.

මෙවැනි වගකීම් රහිත ප්‍රකාශවලින් ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් හෑල්ලු වන බවත් මේ ගැන විනය පරීක්ෂණයක් සිදුකරරන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව යම් පියවරක් ගන්නා ලෙසත් මෙම පිරිස ඉල්ලා ඇත.

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා නිශ්චිතව නම්, ගම් ප්‍රකාශ කර නොමැති බවත් එවැන්නක් කථානායකතුමාට ඉදිරිපත් කර නොමැති නම් වහාම මේ ගැන ප්‍රකාශයක් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර එම ප්‍රකාශය ගැන කනගාටු වන බව ප්‍රකාශ කළ යුතු බවද මෙහිදී යෝජනා වී ඇත.

මෙම කාරණය ගැන පරීක්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කළ අතර රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානායක්කාර යනමහත්වරු ඊට අයත් වෙති.

මෙම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණ සිටියේ නැත.

(මව්බිම)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රන්ජන් අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා" - රන්ජන්ට එජාපයත් එරෙහි වෙයි
"රන්ජන් අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා" - රන්ජන්ට එජාපයත් එරෙහි වෙයි
http://am.lk/media/k2/items/cache/0a74c13a79d4682bf9875a6a2d15137d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_447.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_447.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy