තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ ...
තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (17) අවසර ලබාදී තිබේ.
පෙත්සම්කාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට ඇප ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් තීරණය නීතියට පටහැණි බවයි.
එය ඇප පනතේ විදිවිධානයන්ට පටහැණි බව සඳහන් කළ නීතීඥවරයා එබැවින් විත්තිකාර තිස්ස අත්තනායක මහතා ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන් අතර ඊට අදාළ විරෝධතා දෙසැම්බර් මස පස්වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට නියම කර ඇත.
COMMENTS