මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටින එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් අද(4) ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී...
මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටින එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් අද(4) ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
රාජකාරී කටයුත්තක් සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා මෙලෙස දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක ප‍්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තාවේ.
එම අවස්ථාවේ අන්සාර් මහතා සමඟ සිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම්වරයාද මෙම ප‍්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වේ. අන්සාර් මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය ද මැලේසියාවේ අන්සාර් මහතාට ප්‍රහාරයක් එල්ලවී ඇති බව තහවුරු කළාය.
ශ්‍රී ලංකා රජය විසින් මැලේසියා රජය හා පොලීසිය සමඟ එක්ව නිසි පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද ,ඉන්පසුව ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබා දිය හැකි බවද ඇය සඳහන් කළාය.
මේ අතර මෙම සිදුවීම සැලවීමත් සමඟ එරට පොලීසිය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දෙමළ ඩයස්පෝරාවගෙන් ප‍්‍රහාරයට ලක්වූ ස්ථානය වෙත පැමිණ ඇති අතර ඒ වන විටත් මහකොමසාරිස්වරයා එම විරෝධතාකරුවන්ගෙන් පහර කෑමට ලක්ව සිට ඇති බව මැලේසියාවේ තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
එම එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරා කණ්ඩායමේ පිරිස් එල්ල කළ ප‍්‍රහාර වලින් තුවාල ලැබූ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ දෙවන ලේකම්වරයා මේවන විට ක්වාලාලම්පූර් හි රෝහලක ප‍්‍රතිකාර ලබන බවද එම තානාපති ආරංචි පවසයි.
COMMENTS