ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංක...
ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව කියයි.
තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.
COMMENTS