දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූයේ යැයි කියමින් 4000කට අධික පිරිසක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරුවල ස්‌ථිර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් ස...
දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූයේ යැයි කියමින් 4000කට අධික පිරිසක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරුවල ස්‌ථිර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු අධ්‍යාපනඥ සේවයේ මෙන්ම විදුහල්පති සේවයේ ද තනතුරුවල රාජකාරි ආවරණය කරමින් සිටින මෙම පිරිස එම තනතුරුවල ස්‌ථිර කිරීමට අදාළ සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල කඩිනමින් පැවැත්වෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර එලෙස රාජකාරි ආවරණය කරන්නන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැඳවනු ලැබ ඇති අතර ඒඩී/4/58/1/5/301 (III) දරන ලිපියෙන් කලාප අධ්‍යාපන කාර්යාලවලින් මෙලෙස තොරතුරු කැඳවා තිබේ.
අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාග පැවැත්වූ නමුත් මෙතෙක් පත්වීම් ලබාදී ඇත්තේ 219 කට පමණි. විදුහල්පති සේවයට ඇතුළත් වීමේ තරග විභාගයෙන් සුදුසුකම් ලත් පත්වීම් හිමිකර ගත් තුන්දහසකට අධික පිරිසකට පාසල්වල විදුහල්පති තනතුරු ලබාදීම පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් පැහැර හැර තිබේ.
මෙලෙස තිබියදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරුවල රාජකාරි ආවරණය කරන්නන් දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූයේ යැයි කියමින් ස්‌ථිර කිරීම සුදුස්‌සන්ට කරන අසාධාරණයක් යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවසී ය.
COMMENTS