පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්...
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයිද ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’පුවත්පතේ සඳුඳා හමුව දේශපාලන සාකච්ඡාවට අදහස් දක්වමින් ප්‍රකාෂ කර ඇත.
රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ද ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වී යැයිද හරි නම් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණේ යැයිද ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
මේ වනවිට මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද ජනාධිපතිවරයා එහි ප්‍රමුඛ ප්‍රකාශකයකු වී ඇතැයි ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS