වදක තනතුර සදහා අයදුම් පත්‍ර කැදවිමට නිවේදනය කර සතියකට ආසන්න කාලයක් ගත වුව ද මේ දක්වා කිසිදු අයදුම් පත්‍රයක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර...
වදක තනතුර සදහා අයදුම් පත්‍ර කැදවිමට නිවේදනය කර සතියකට ආසන්න කාලයක් ගත වුව ද මේ දක්වා කිසිදු අයදුම් පත්‍රයක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ අයදුම් පත් භාරගැනීම ලබන 25 වැනිදායින් අවසන් වන බවයි.
වදක තනතුර සදහා අයදුම් පත්‍ර කැදවිම පසුගිය 11 වැනිදා ආරම්භ වු අතර වයස අවුරුදු 18ත් 45ත් අතර වයසේ පසුවන සම්මාන දෙකක් සහිතව විෂයන් 06කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව වු පිරිමි පුද්ගලයින් හට ඒ සදහා අයඳුම් කළ හැකියි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඞුවම නියමවුවන්ට මරණ දඞුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවස්ථා කිහිපයකදී අවධාරණය කිරීමත් සමග ඊට අදාල කටයුතු සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.
COMMENTS