ඒකාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකවරයා විසින් තීන්දුකර අවසන් බවත් එම තීන්දුව කිසිඳු අධිකරණයක අභ...
ඒකාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකවරයා විසින් තීන්දුකර අවසන් බවත් එම තීන්දුව කිසිඳු අධිකරණයක අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන නගර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ පාර්ලිමේන්තුව පිලිගත් පක්ෂයකට බවත් ඒකාබද්ධය පිලිගත් පක්ෂයක් නොවේ කල්ලියක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසූවේ,
“ඒකාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිලිබඳ නොයෙකුත් ප‍්‍රකාශයන් සිදුකරමින් සිටිනවා. නමුත් පාර්ලිමේන්තුවේ උත්තරීතර ප‍්‍රධානත්වය හොබවනු ලබන්නේ ගරු කතානායක තුමා විසිනුයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ පාර්ලිමේන්තුව පිලිගත් පක්ෂයකටයි. ඒකාබද්ධය පිලිගත් පක්ෂයක් නොවේ කල්ලියක් පමණයි. මේ සියළු කරුණු සලකා බලමින් ඒකාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකතුමා විසින් තීන්දුකර අවසන්. එම තීන්දුව කිසිඳු අධිකරණයක අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නැහැ. හිටපු කතානායකවරයෙකු වන අනුර බණ්ඩාරනායක මහතා විසින්ද මීට පෙර එවැනිම පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙනවා. ඒ නිසා ඒකාබද්ධය අද උසාවි යනවා කියමින් සිදු කරන්නේ ජනතාව උසිගැන්වීමේ කතාවක් පමණයි. එහි කිසිම පදනමක් නැහැ. මේ අය මේ දේවල් කියන්නේ ගැලරියට.“
COMMENTS