වට්ටක්කා අස්වැන්න අපතේ යාම වැලැක්වීම සඳහා සහ ස්ථාවර මිලක් පවත්වාගැනීම සඳහා වට්ටක්කාවලින් සිදුකළ හැකි අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනයට නව තාක්ෂණි...
වට්ටක්කා අස්වැන්න අපතේ යාම වැලැක්වීම සඳහා සහ ස්ථාවර මිලක් පවත්වාගැනීම සඳහා වට්ටක්කාවලින් සිදුකළ හැකි අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනයට නව තාක්ෂණික ක්‍රම සොයාගෙන තිබෙන බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
වට්ටක්කා තීරුවලට කපා වියලා ගැනීමෙන් පිටි නිෂ්පාදනය කළ හැකි බවත් එම පිටිවලින් රොටී, පිට්ටු, සුප්, නූඩ්ල්ස්, බිස්කට් හා බයිට් වර්ග නිෂ්පාදනය කළහැකි බවත් කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
වට්ටක්කාවල ඇති පෝෂ්‍ය ගුණය රැකෙන පරිදි පිටි නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය මේ වනවිට සොයාගෙන ඇති අතර ඉදිරියේදී එම දැනුමගොවි ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට ලබාදීමට සැළසුම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
වට්ටක්කා ගෙඩිය දිගු කලක් තබාගත නොහැකි වීමත් වෙළඳපළට පැමිණෙන වට්ටක්කා ප්‍රමාණය ඉල්ලුමට වඩා වැඩි වීමත් හේතුවෙන් ගොවි ජනතාව හා ව්‍යාපාරිකයන් ද දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර මෙවැනි ක්‍රියාමාර්ග හරහා එම ගැටලුවලට යම් විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කරන බවද කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
COMMENTS