දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරදානේදී හැප්පුණු කාර් එකේ කේ.ජී. කිලෝ 70ක්
Homeගොසිප්

මරදානේදී හැප්පුණු කාර් එකේ කේ.ජී. කිලෝ 70ක්

PropellerAds

මරදාන ගුවන් පාලම අසලදී අනතුරකට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථයක පිටුපස ආසනයේ කේරළ ගංජා කිලෝ 70ක් පමණ ප්‍රමාණයක් සඟවා තිබියදී ඊයේ (14දා) අලුයම මර...

අනුර කුමාර අවුරුද්ද ගත කරන්න කැනඩාවේ යයි
අලුත් අවුරුදු නැකත් සීට්ටුව – 2019
මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..
මරදාන ගුවන් පාලම අසලදී අනතුරකට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථයක පිටුපස ආසනයේ කේරළ ගංජා කිලෝ 70ක් පමණ ප්‍රමාණයක් සඟවා තිබියදී ඊයේ (14දා) අලුයම මරදාන පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. ඊයේ (14දා) අලුයම 3.25ට පමණ පංචිකාවත්ත දෙසින් පැමිණි මෙම මෝටර් රථය මරදාන දුම්රිය
පොළේ පසුපස ගේට්ටුව පසු කරනවාත් සමඟම ඩාලි පාර දෙසට සහ බොරැල්ල දෙසට වාහන ගමන් කිරීමට යොදා ඇති කුඩා බාධකයේ ගැටී අනතුරට ලක්ව ඇතැයි මරදාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෝටර් රථයේ පසුපස වම් පැත්තේ රෝදය පුපුරා ගොස් ඇතැයිද එම නිසා මේ අනතුර සිදුවන්නට
ඇතැයිද එකී පොලිස් නිලධාරියා පැවැසීය.
අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් ඒ බව දැක ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණෙන අතරවාරයේ එම රථයේ සිටි පිරිස් පැනගොස් ඇතැයිද හෙතෙම පැවැසීය. අනතුරට ලක් වූ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි පසුපස ආසනය ඉදිරියට නවා ඒ මත ගොඩ ගසා තිබූ කිලෝ හතර බැගින් වූ කේරළ ගංජා පාර්සල්17ක් සොයා ගැනීමට හැකිවී තිබේ. මේ වාහනය කුලී පදනම මත වාහන ලබාදෙන එක්තරා ආයතනයකින් ලබාගත් එක්ක බව විමර්ශනවලදී හෙළි වී ඇති බවද හෙතෙම පැවැසීය.

මේ වනවිට කේරළ ගංජා කිලෝ එකක වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වන නිසා සොයාගත් මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වනු ඇති බවද හෙතෙම පැවැසීය. අනතුරට පත් මෝටර් රථය කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ රථයක් බවත් මේ වනවිට එම කාන්තාව ඩුබායි ගොස් ඇති නිසා එය වෙනත් අයකුගේ නමට පවරා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එකී තැනැත්තා මාස 4කට පෙර මේ මෝටර් රථය කුලී පදනම මත වාහන ලබාදෙන බම්බලපිටියේ ආයතනයකට ලබාදී ඇති බවත් එතැනින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ආයතනයක් කුලී පදනම මත මේ වාහනය ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. පලා ගිය පිරිස මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ පෙබරවාරි 11 වැනිදා බවත් හෙළිවී ඇත. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට මරදාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස රඳවා ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය. මරදාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිරි ඇතුළුව මරදාන දූෂණ මර්දන ඒකකයේ සහ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීහු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.


-කොළඹ එම්.සී. පෙරේරා-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරදානේදී හැප්පුණු කාර් එකේ කේ.ජී. කිලෝ 70ක්
මරදානේදී හැප්පුණු කාර් එකේ කේ.ජී. කිලෝ 70ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRVhi0a3qaGhxHECh5x6EJq_Y2lUrI4l-sDUQUB_8Pa3gACqkkX51iZrtPt1XUazROlF2uMTxiDqSQPv16GicSQtaTlQN1rwhPJ4AdGie-vZbU9fZG1KMBltj-CP65FjfyBfcgU2wEWXU/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRVhi0a3qaGhxHECh5x6EJq_Y2lUrI4l-sDUQUB_8Pa3gACqkkX51iZrtPt1XUazROlF2uMTxiDqSQPv16GicSQtaTlQN1rwhPJ4AdGie-vZbU9fZG1KMBltj-CP65FjfyBfcgU2wEWXU/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/70_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/70_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy