උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවර නැකැත් සීට්ටුව පහත දැක්වෙයි. නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස...
උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවර නැකැත් සීට්ටුව පහත දැක්වෙයි.
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 07 වැනි ඉරිදා දිනද, අභිනව සූර්යය වර්ෂය සඳහා මැයි මස 09 වැනි බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපරභාග 08.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින පූර්ව භාග 07.45ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද, පුණ්‍ය කාලය එනම් 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට පුණ්‍ය 0.33 දක්වා නියමිත චාරිත්‍රවලට ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍රවිධි ඉටුකිරීමද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42ට රතු සහ කහ මිශ්ර (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක්ද, කිතුල් මිශ්ර (ඉඟුරු, ගම්මිරිස්,තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් පිළියෙළ කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54ට රතු සහ කහ මිශ්ර (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වැනි බදාදා දින පූර්ව භාග 07.40ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන් පත්ද තබා පලාවන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
COMMENTS