දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා" - පාඨලී
Homeප්‍රවෘත්ති

"කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා" - පාඨලී

PropellerAds

කොළඹ පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නය 2024 වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසය...

ඉරාන-ඉරාක දේශසීමාවේ දැවැන්ත භූමි කම්පාවක්
අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
ප්‍රියත් බන්දු වික්‍රමමුණිගේ තාත්තා විශ්‍රාම දිවියේදී කෝටිපතියකු වූ හැටි

කොළඹ පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නය 2024 වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි .

1958සිට 2014 දක්වා වූ කාලය තුළ පැවති ආණ්ඩු මගින් කොළඹ පැල්පත්වාසීන් සඳහා ඉදිකොට තිබුණේ නිවාස දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි. ගත වූ තුන් වසර තුළ වර්තමාන ආණ්ඩුව නිවාස පහළොස් දහසක් ඉදි කොට ඇත .

2020 දී තවත් නිවාස 20,000 ක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේ, සිය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කොට ඇති සුඛිත පුරවර වැඩ සටහන පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා ,පළාත් පාලන ආයතන හා මහජන සංවිධාන වල නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා පැවති පැවැති සම්මන්ත්‍රණයක දී ය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති මෙම සම්මන්ත්‍රණයේ දී තවදුරටත් අදහස් දැ වූ චම්පික රණවක ඇමතිවරයා යෝජිත පරිපාලන නගරය වන බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ තුනක් ඉදි කොට කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ද කීය . කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ අතර වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් හඳුන්වා දීමේ අරමුනින් මාලබේ සිට කොළඹ වරාය නගරය දක්වා සැහැල්ලු දු,ම්රිය සේවාවක් ජපන් රජයේ ආධාර ඇති ව ආරම්භ කෙරේ .එහි ඉදි කිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කෙරෙන අතර පිට කොටුව ,බත්තරමුල්ල , කොට්ටාව හා කඩවත කේන්ද්‍ර කැර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවන බව ද ඇමතිවරයා කීය .

බස් මගීන්ට සුව පහසු ඇතිව ගමන් කිරීම සඳහා සුඛෝපභෝගී බභෝගී බස් රථ සේවාවන් ආරම්භ කිරීම පිණිස පෞද්ගලික බස් හිමිය ට එන්ටෙර්ප්‍රිසෙ ස්‍රි ලන්ක වැඩ සටහන යටතේ සුඛෝපබෝගී බස් රථ මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් සහන ණය ලබා දීමට මේ වන විටත් විට පියවර ගෙන ඇත . මේ අතර කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදි කොට ඇති කසල අංගනය මාර්තු 15දා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා කී ය .

කොළඹ වරාය නගරය ගැන සඳහන් කළ ඇමතිවරයා එහි පළමු අදියර 2020දී ආරම්භ කරන බවත් ඒ යටතේ ජාත්‍යන්තර බැංකු ,ජාත්‍යන්තර පාසලක්හා ජාත්‍යන්තර රෝහලක් ද පිහිටුවන බව ද පැවැසී ය ඒවා ඉදි කිරීමට ජාත්‍යන්තර ආයෝජකයන් ඉදිරිපත්වී සිටින බව ද රණවක මහතා තව දුරටත් කීය . ම හනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ ,හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා" - පාඨලී
"කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා" - පාඨලී
http://am.lk/media/k2/items/cache/78980acc82f475c0effb13fc1c8009af_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/2024.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/2024.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy