හිටපු වරාය සභාපතිවරයා විසින් ඒ යුගයේදී අත්පත් කරගෙන ඇති දේපළ බොහෝය. එහෙත් ඒ කිසිවක් මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය කීමට ඔහු අපො...
හිටපු වරාය සභාපතිවරයා විසින් ඒ යුගයේදී අත්පත් කරගෙන ඇති දේපළ බොහෝය. එහෙත් ඒ කිසිවක් මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය කීමට ඔහු අපොහොසත් වී තිබේ. රාජගිරිය, මොරවිටිය පාර, මාදින්නාගොඩ, අංක 11 දරණ ඉඩම ඔහු විසින් රුපියල් මිලියන 20කට මිල දී ගෙන ඇත. එහෙත් මුදල් විශුද්ධිකරණ පනතේ වගන්ති ප්‍රකාරව එම වත්කම මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පැවසීමට ඔහු අපොහොසත්ය. එම ඉඩමේම ඔහු විසින් රුපියල් මිලියන 70ක් වටිනා නිවසක් ඉදිකර ඇත. එම නිවස ඉදිකිරීමට මුදල් ලැබුණේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමසන විට ප්‍රියත් බන්දු ප්‍රකාශ කර ඇත්තේ හුන් ශන්කාවෝ නම් චීන ජාතිකයකුගෙන් මුදල් ඉල්ලාගත් බවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම චීන ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ ඔහු මේ කිසිවක් නොදන්නා බවත් ඔහු බංකොළොත් වූ ව්‍යාපාරිකයකු බවත්ය. හුන් ශන්කාවෝ ශ්‍රී ලංකාවේ කුලීවැඩ කරන මට්ටමට වැටී සිටි චීන ජාතිකයෙකි. ප්‍රියත් බන්දු වික්‍රම චීන මහා ප්‍රාකාරයටත් ඉහළින් බොරු ගොතන්නෙකි.
එසේම ප්‍රියත් බන්දු වික්‍රමමුණි අධ්‍යක්ෂක ධුරය දරණ විස්මෝ නම් සමාගමෙන් නාවල පාර, දෙල්ගහවත්ත, අංක 420 දරණ පර්චස් 31ක ඉඩම රුපියල් මිලියන 80කට මිලදී ගෙන තිබේ. එහෙත් ඊට මුදල් ලැබුණු ආකාරය හෙළිකිරීමටද ප්‍රියත් බන්දු අපොහොසත්ය.
හොඳම හරිය එන්නේ අන්තිමටය.
මේ සියල්ල පිළිබඳව විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුක්‍රමික අංක CR1 271/15 යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යොමුකර ඇත්තේ 2015 මැයි 05 වනදාය. මේ සම්බන්ධයෙන් B/22648/1/15 යටතේ මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම මේ සම්බන්ධ සම්පූර්ණ ලිපිගොනුවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටද යොමුකර ඇත. එහෙත් ප්‍රියත් බන්දු වික්‍රමමුණි තවමත් ඉහෙන් බහිනා රෝගයක් නැතිව යහතින්ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැන් සම්පූර්ණයෙන් ම අකර්මණය වී ඇත. නව අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ඉන් සිදුකෙරෙන්නේ බෝධි පූජා පමණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට භාර දුන් ලිපිගොනු දැන් මාස 18ක් තිස්සේ එකතැන පල් වෙමින් පවතින්නට නම් මීට ප්‍රබල දේශපාලකයකුගේ බලපෑමක් තිබිය යුතුමය. සජින් වාස් ගුණවර්ධන මෙන්ම ප්‍රියත් බන්දු වික්‍රමමුණි ද පවසන්නේ තමන් නීතිපති දෙපාර්තමේන්තුව 'බැලන්ස් කරගෙන' ඇති බවය. අඹගෙඩි තුනක් කැඩුවාට නඩු දමන රටේ නැව් තරම් හොරකම් කළ ප්‍රියත් බන්දු වික්‍රමලාට මොනම නඩුවක්වත් නැත.
හොරු අල්ලන්නට දහ අතේ පොරොන්දු දී පැමිණි ආණ්ඩුවේ කිසිවකුත් දැන් හොරුන් ගැන කතා කරන්නේද නැත.
දියකාවා නැව කඩා ප්‍රියත් බන්දු වික්‍රම මුදල් හෙවූ ආකාරය ලංකා නිව්ස් වෙබ් වෙතින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න
COMMENTS