ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. ඒ පිළිබඳ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිර...
ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. ඒ පිළිබඳ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබුණේ ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් 19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් කෙරෙන නිර්දේශ අනුව පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාත් බරපතළ විවේචනයට පත් කළ පසු එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මහතාද ප්‍රතිචාර දක්වා තිබිණි. එහිදී විපක්ෂ නායකවරයාද සඳහන් කර තිබුණේ වත්මන් ව්‍යවස්ථා සභාවේ කිසිදු ස්වාධීනත්වයක් නැති බැවින් වහාම එහි සංයුතිය වෙනස් කළ යුතු බවයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඇතුළාන්තය සහ 19යේ සුජාතභාවය පිළිබඳ සංවාදයට ලක්කිරීමට ඒෂියන් මිරර් ‘සංවාදය’ සජීවි දේශපාලන වැඩසටහන අද සහභාගී වන්නේ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතායි.
එම සජීවි වැඩසටහන ඒෂියන් මිරර් වෙබ් අඩවිය සහ ඒෂියන් මිරර් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද පස්වරු 05.30ට විකාශය කෙරේ.
COMMENTS