දේශපාලන අර්බුදයක් රට තුල ඇති වූණේ එක්සත් ජාතික පක්ෂයේ වාසනාවට යැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවස...
දේශපාලන අර්බුදයක් රට තුල ඇති වූණේ එක්සත් ජාතික පක්ෂයේ වාසනාවට යැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසිය.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"එක්සත් ජාතික පක්ෂය දීර්ග කාලයක් විපක්ෂයේ සිටියා. නමුත් පසුගිය 2015 වසරේදී අපි පොදු අපේක්ෂකයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරල එජාපයේ අපගේත් එජාප පෙරමුණේ පක්ෂවලත් කැප වීම මත අපේ රජයක් පිහිට වූවා. නමුත් ඒ රජය පවත්වගෙන යන්න අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරලා ජාතික රජයක් පිහිටවන්න අවශ්‍ය වුණා. එහෙම කළාම අපට ඒ අයටත් කොටස් ලබා දෙන්න සිද්ධ වුණා. මේ වන විට යහපාලනයට වසර හතරක් ගත වෙනවා. පසුගිය කාලයේ යහපාලනයේදී අපට සිද්ධ වුණා සියල්ල දෙකට බෙදා ගන්න. විශේෂයෙන් සංවර්ධනය සඳහා මුදල්, රැකී රක්ෂා ආදියත් බෙදන්න සිද්ධ වුණා. ඒ නිසා අපට පාක්ෂිකයින් බලාපොරොත්තු වුණ සියල්ල ඒ ආකාරයෙන් ඉටු කරන්න බැරි වුණා ඒ් නිසා අපේ පාක්ෂිකයින් විශාල පිරිසක් කලකිරීමට පත් වෙලයි හිටියේ. අපි හැමෝම කළකිරීමට පත් වුණා අපි ඒක පිළිගන්නවා. අමාත්‍යවරුන් හැටියට අපිටත් යමක් කරන්න බැරි තත්වයක් තමයි තිබුණේ. මොකද හැම දෙයක්ම අපට බෙදා ගන්න සිද්ධ වුණා."
"මෙවන් තත්වයක් තුල අපේ වාසනාවට වගේ පසුගියදා දේශපාලන ප්‍රශ්නයක් මතු වුණා.මේ රටේ අපි හැමෝම ආරක්ෂා කර ගෙන ආව ප්‍රජාතාන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වුණා.ඒ තර්ජනය නැවත ආරම්භයක් ලෙස මම සලකනවා.ඒ ජයග්‍රහණය ලබා ගෙන නැවත මේ ආණ්ඩුව අපි ආරම්භ කරල තියෙනවා. අලුතින් ආරම්භ කරන මේ ගමනේදී පසුගිය කාලයට වඩා ජනතාවට උදව් කරන්න පුළුවන් වෙයි. ඉදිරියේදී රජය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කිසිදු කොන්දේසියක් නැතිව විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් ආණ්ඩුපක්ෂයට එක් කර ගන්න සිදු වනු ඇත."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
(මොහොමඩ් ආසික්)
COMMENTS