උතුරු පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල් නිසි පරිදි වියදම් නොකිරීම නිසා ආපසු භාණ්ඩාගාරයටම හරවා යැවීමට සිදු වී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අම...
උතුරු පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල් නිසි පරිදි වියදම් නොකිරීම නිසා ආපසු භාණ්ඩාගාරයටම හරවා යැවීමට සිදු වී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය චෝදනා කරයි.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මුලතිව් විශ්වමඩු මහා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ගංවතුරින් අවතැන් වූ මුලතිව් දිස්ත්‍රික්කයේ සිසුන් හට පාසල් උපකරණ සහ නිලඇදුම් වව්චර් ලබාදීමේ වැඩසටහනක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණී.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය.,
"උතුරු පළාත වෙනුවෙන් මුදල් වෙන් කරලත් හරි විදියට පාසල්වලට ගොඩනැගිලි හදලා නැහැ.
ඒවා අලුත්වැඩියා කරලා නැහැ.ශිෂ්‍යයින්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයලා නැහැ.
මුදල් නැවතත් භාණ්ඩාගාරයටම ගිහිල්ලා. මේක ඇත්තටම අපේ නොහැකියාව.
මෙහි සිටින නියෝජිතයින් ඒක හරියට කලමණාකරණය නැහැ. ඒ හේතුවෙන් තමයි ඒ මුදල්ටික ආපසු භාණ්ඩාගාරයටම ගියේ"
COMMENTS