ලංකාවේ ජීවත්වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජ...
ලංකාවේ ජීවත්වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුළින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුළත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරිණි.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරයි.
කළුතර මහ රෝහලල බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
නව තාක්ෂණය හදුන්වාදීම තුළින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර දිවයින පුරා රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙල ද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවැසු අමාත්‍යවරයා හොරණ මූලික රෝහලෙන් 2015 වසරේ දී ආරම්භ කළ එම වැඩපිළිවෙල මේ වන විට රෝහල් 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිගණක ගත කර ඇතැයි ද පැවසීය.
COMMENTS