දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන් ශ්‍රී ලංකාව ගැන ජෝන් කෙරිගේ පැසසුමට
Homeප්‍රවෘත්ති

දැන් ශ්‍රී ලංකාව ගැන ජෝන් කෙරිගේ පැසසුමට

PropellerAds

ශී‍්‍ර ලංකාව අද ප‍්‍රවේශ වී ඇති නිවැරදි මාවත පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා පවසයි. ශී‍්‍ර ලංකාවට අ...

පූජිතගෙන් ඔත්තුකරුවෙකුට ලැබුණු ලොකුම තෑග්ග මෙන්න
ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ස්ථානාධිපතිට මාරුවක්
හිටපු අගමැති රත්නසිරි රෝහල් ගත කරයි
දැන් ශ්‍රී ලංකාව ගැන ජෝන් කෙරිගේ පැසසුමට

ශී‍්‍ර ලංකාව අද ප‍්‍රවේශ වී ඇති නිවැරදි මාවත පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට අමෙරිකාව සූදානම් බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය උදෙසා තම රජය කැපවී සිටින බවයි. එම ක්ෂේත‍්‍රයන් තුළ අද ශී‍්‍ර ලංකාව සුබවාදී ප‍්‍රගතියක් ලබා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ද අවධාරණය කළේය.

උතුරේ සහ දකුණේ ඇතැම් අන්තවාදී පිරිස් සංහිඳියාව ඇති කිරීමේ ව්‍යායාමය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන අතර උතුරේ නැවත පදිංචි කිරීම් ක‍්‍රියාවලියේදී ඉඩම් ලබාදුන් පිරිසගෙන් වැඩි කොටසක් එම ඉඩම්වල පදිංචි වුවද සුළු පිරිසක් ඇතැම් බලපෑම් මත එය ප‍්‍රතික්ෂේප කිරීම උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකි බව සඳහන් කළේය.

සංහිඳියා වැඩපිළිවෙළ උදෙසා දකුණේ ද යම් අන්තවාදී පිරිසක් අකුල් හෙළුවද රජය අධිෂ්ඨානශීලිව සංහිඳියා අරමුණු ජය ගැනීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

වත්මන් රජයේ කටයුතු පිළිබඳව ජෝන් කෙරී මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද පොදු යෝජනා මාලාවක් යටතේ සාමූහිකව කටයුතු කරනු ලබන්නේ දීර්ඝ කාලයක් පුරා දෙපිළක සිටි දේශපාලන පක්ෂ දෙකක් බවයි. කෙසේ වෙතත් මෙම පොදු යෝජනා මාලාව ඉදිරියටම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ කිසිදු බාධාවක් පැන නැගී නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රජයේ ස්ථාවරත්වයට කිසිදු තර්ජනයක් නොමැති බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා 2015 ජනවාරි 08 වනදා සම්මුතිවාදී රජය පිළිබඳ බලාපොරොත්තු තැබූ සියලූ ජනතාවගේ අපේක්ෂාවන් එලෙසම මල් ඵල ගැන්වීමට උපරිමයෙන් කැපවන බව ප‍්‍රකාශ කළේය.

වත්මන් රජය යටතේ ශ‍්‍රී ලංකාව මෙතෙක් ලැබූ ජයග‍්‍රහණ පිළිබඳව සිය ප‍්‍රශංසාව පළ කළ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු රජයේ ආධාර ඉදිරියටත් නොඅඩුව ලබාදෙන බව සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් ශ්‍රී ලංකාව ගැන ජෝන් කෙරිගේ පැසසුමට
දැන් ශ්‍රී ලංකාව ගැන ජෝන් කෙරිගේ පැසසුමට
http://ift.tt/2d6gE0A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_159.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_159.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy