දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යළි කිසි දිනෙක අධ්‍යාපන ඇමති නොවෙමි - බන්දුල
Homeගොසිප්

යළි කිසි දිනෙක අධ්‍යාපන ඇමති නොවෙමි - බන්දුල

PropellerAds

තමන් යළි කිසිදිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණ...

බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා මට යන්න ඔනෑ– මයික්
‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද අසීරු යෝග ව්‍යායාමයේ..
“සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”

තමන් යළි කිසිදිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(06දා) පැවසීය.

තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපන ක්‍රමයට, පාසල්වලට හෝවිශ්වවිද්‍යාලවලට අගෞරවයක් වීමටඉඩ නොතබන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමෙන් ගම්බද පාසල් සිසුන්ටබලවත් අසාධාරණයක් සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍යහමුවකදීවැඩිදුරටත්අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

“මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී රජයේ අධාර ලබන පෞද්ගලික පාසල් 78ක් තිබුණා.
මෙය 105 දක්වා වැඩි වුණේ කෙසේදැයි වෙනමම සෙවිය යුතුයි. මේවායේ ලක්‍ෂ හතළිස්තුනකට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා.

නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන අපේ රටේ පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් ඒ ක්‍රමයට ඇතුළත් වෙන්නේ නැහැ. සමාගම් පනත යටතේ ඕනෑම කෙනෙකුට පෞද්ගලික පාසලක් ආරම්භ කරන්න පුළුවන්.ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමෙන් ගම්බද සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවෙනවා.

ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සමග අබමල් රේණුවක තරම්වත් තරහක්, වෛරයක් මගේ සිතේ නැහැ. ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල සමග රජයේ පසල්වල විභාග ප්‍රතිඵල එකාබද්ධ කරන්න විභාග කොමසාරිස්වරයාට කිසිම අයිතියක් නැහැ.මම මේ ගොඩනගන තර්කය ඕනෑම කෙනෙක්ට ඕනෑම ආකාරයකට අර්ථකථනය කරගන්න පුළුවන්.

මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ. කවදාවත් මම ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපන ක්‍රමයට හෝ පාසල්වලට, විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. කවුරු කොහොම කිවුවත් නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කළ යුතුයැයි කියන මතයේ මම ඉන්නවා” යනුවෙන් පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යළි කිසි දිනෙක අධ්‍යාපන ඇමති නොවෙමි - බන්දුල
යළි කිසි දිනෙක අධ්‍යාපන ඇමති නොවෙමි - බන්දුල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheHjLj3THrtaFP06K2abwoCtbLkbWeQ9BiPtRl6sXxZyfwDPBOBO8rWs2uUew2Oxb8ywj10e443jRom8Nm0S6Gc7D1NLx5Y-Q2KOQRSg9MpGRHLkjWJVX3xb-elKtvy_ZpeF05era_6gQ/s1600/gossiplanka_2019-01-07-1114.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheHjLj3THrtaFP06K2abwoCtbLkbWeQ9BiPtRl6sXxZyfwDPBOBO8rWs2uUew2Oxb8ywj10e443jRom8Nm0S6Gc7D1NLx5Y-Q2KOQRSg9MpGRHLkjWJVX3xb-elKtvy_ZpeF05era_6gQ/s72-c/gossiplanka_2019-01-07-1114.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_929.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_929.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy