දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා මට යන්න ඔනෑ– මයික්
Homeගොසිප්

බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා මට යන්න ඔනෑ– මයික්

PropellerAds

බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා ගිය  ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවෙක් වෙන්න තමයි  මගේ උත්සාහය – මයික් මේ දිනවල ජනප්‍රියව පවතින දෙවෙ...

මාධ්‍ය වාරණය ජයටම : TNL පොල්ගවෙල විකාශනාගාරයට TRCයෙන් සීල් තබයි.
දෙහිවල, නාවල, රාජගිරිය පර්චසයක මිල ලක්ෂ 50 ක් දක්වා ඉහළට.
PickMeට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්.

බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා ගිය 
ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවෙක් වෙන්න තමයි 
මගේ උත්සාහය – මයික්

මේ දිනවල ජනප්‍රියව පවතින දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ  මයික්ගේ චරිතයට පණපොවන නවක ටෙලි නළු දෙනුවන් සේනාධි සමග ඉරිදා පුවත්පතක් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසා තිබේ.

දෙවැනි ඉනිමේ මයික් නිසා ගොඩක් ජනප්‍රියයි නේද?
ඔව් අනිවාර්යෙන්ම

දෙනුවන්ගෙ පාසල් ජීවිතයේදීත් ඇත්තටම මයික් වගේ චරිතයක්ද?
ඔව්. ටෙලි නාට්‍යයේ වගේම නොවුනත්
ඊට සමානව, ඒ කියන්නේ යාළුවන්ට බොහොම මිත්‍රශීලීව කාලය ගත කළා.

රංගනයට එකතුවෙන්නේ කොයි කාලේද?
අවුරුදු 10කට විතර කලින්

රංගනයට එකතු නොවුනා නම් දෙනුවන් අද ඉන්නේ කොතනද?
මම පොඩිකාලේ ඉඳන්ම කැමති වුනේ Television subject එකට. මුලින්ම Production assitant කෙනෙක් විදියට පුද්ගලික නාලිකාවක වැඩ කලේ. ඒ අයතනේදී මහේෂ් රත්සර මද්දුම ආරච්චි කියන පිටපත් රචකයාව මුණගැහෙනවා. ඊට පස්සේ එය තීරණය කරනවා මම වඩාත් සුදුසු නිෂ්පාදන කටයුතු වලට නෙවෙයි රංගනයට කියලා. එය මාව මුලින්ම “කිං හන්තර්” සිනමාපටයට හඳුන්වාදෙනවා. ඊට පස්සේ ඔහුම පිටපත ලියු “නිල් නෙතු” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා. 2011 වසරේදී “සුළඟ” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා. එහෙම තමයි රංගනය එන්නේ.

“දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්නේ කොහොමද?
දෙරණේ දිල්ෂාන් අමරසිංහ නිෂ්පාදකවරයාගෙන් මට ආරාධනාවක් ලැබෙනවා දෙරණේ රියැලිටි වැඩසටහනක නිවේදනය කරන්න. ලක්සිරි වික්‍රමගේ, ෂර්මිලා ධර්මරාසා කියන අපේ වැඩසටහන් අධ්‍යක්ෂිකාව හා දිල්ෂාන් තමයි මාව ඒකට යෝජනා කරන්නේ. ඒ කාලෙදිම තමයි මට සාරංග මෙන්ඩිස් හමුවෙන්නේ. ඔහු කිවා සුපිරි වැඩක් කරන්න ඉන්නවා, මේක Hit වෙන්නම කරන වැඩක් කියලා. “සිඳු” කරපු සමන් එදිරිමුණි තමයි මේකත් ලියන්නේ කිවා. එකේ “මයික්” කියන චරිතේ ඔයා කරන්න එක පාසල් චරිතයක් කිවා. ඒ විදියට තමයි මට මයික් චරිතය ලැබෙන්නේ.

හාස්‍යයෙන් ඔබ්බට ගිය චරිතයක් රඟපාන කැමති නැත්ද?

එහෙම අරමුණක් නෑ මට.

හිතෙන්නේ නැත්ද හාස්‍ය මුසු චරිත වලටම කොටු වෙලා කියලා?
ඔව් අපි නොදැනුවත්වම කොටුවෙලා තමයි. මෙහෙමයි. අපෙන් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙච්ච චරිතයක් තියනවා. ඒ චරිතෙන් පිට ගිහින් දෙයක් කරන්න ගිහින් දෙයක් අසාර්ථක වුනොත් ප්‍රේක්ෂකයාට අපි ගැන තියන විස්වාසය බිඳෙනවා. ඒ හින්දා මම කොටු වෙලා ඉන්න රාමුව තුල පරිණතභාවයක් ඇතිකර ගන්න ඕනි සහ ශක්තිමත් කරගන්න ඕනි කියල තමයි විශ්වාස කරන්නේ.

හාස්‍ය රංගනයේ ප්‍රවීණයෝ විදියට බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විජය නන්දසිරි වගේ අය හඳුන්වන්න පුළුවන්. ඔබේ උත්සාහයත් ඒ තත්වෙට එන්නද?
නෑ. ඊට එහා ගිය චරිතයක් වෙන්න තමයි තමයි try කරන්නේ. ඒ කලාකරුවන් ලංකාවේ උපරිම හොඳට රඟපෑවා. මගේ බලාපොරොත්තුව ඊට එහා ගිය කෙනෙක් වෙන්න. ජාත්‍යන්තර මට්ටමේ කෙනෙක් වෙන්න තමයි උත්සහ කරන්නේ.

සිනමා කටයුතු එහෙම කොහොමද මේ  දවස්වල?
සිනමාව පැත්තෙන් අලුත් වැඩ ටිකකට ආරාධනා ලැබුණා. තව එන්නත් තියනවා “යම රජ සිරි” කියල විකට සිනමාපටයක්. එකේ ප්‍රධාන චරිතය කරන්නේ බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ. ළඟදීම තිරගත වෙයි ඒකත්.

දෙනුවන් සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?
සරල, සාමාන්‍ය විදියට ජිවත් වෙන් කෙනෙක්. මම විවාහකයි. බිරිඳ, අම්ම, තාත්තා හා සහෝදරියක් ඉන්නවා. සහෝදරියත් විවාහකයි. එයාලත් එක්ක සරල සාමානය ජිවිතයක් ගතකරනවා.

රංගනයට බිරිඳගෙන් ලැබෙන සහෝයෝගය කෙබඳුද?
100% ක සහයක් ලැබෙනවා බිරිඳගෙන්. පෙම්වතිය වෙලා ඉන්න කලේ ඉඳන්ම මේ සහයෝගය ලැබෙනවා මට. ඒ හින්දම තමයි මගේ අනාගත සහකාරිය කරගන්න හිතුවෙත්.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නව නිර්මාණ මොනවද?
නෑ මම ගොඩක් වැඩ භාරගන්නේ නැහැ.කරන දේට අවංක වෙන්න එපැයි. ඒ නිසා මේ දවස්වල දෙවැනි ඉනිමට අවංක වෙලා වැඩ කරානවා.


හෂාන් අනුරාධ (ඇපල් පුවත්පත)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා මට යන්න ඔනෑ– මයික්
බන්දු, ටෙනිසන්, විජය නන්දසිරිට වඩා එහා මට යන්න ඔනෑ– මයික්
http://ift.tt/2tlcFkB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_889.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_889.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy