මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (25) සවස ඇතිව...
මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර
ඊයේ (25) සවස ඇතිවූ කතාබහ දුරදිග ගිය අවස්ථාවේ පුද්ගලයෙකු විසින් ඇයට ගලකින් පහරදී ඇති අතර එම ගල ඇගේ හිසේ වැදීමෙන් පසු බරපතල තුවාල ඇතිවී ඇය රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ 48 හැවිරිදි ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂනය සහ පශ්චාත් මරණ පරීක්ෂණය 2019.01.26 වන අද දින සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS