උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනා...
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අති පාරිශුද්ධ ථෙරවාදී බුදු දහමේ සාරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව ප‍්‍රකාශ කළේය.
වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මගපෙන්වීම මත ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි.
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ ඓතිහාසික කටයුත්තට උරදෙමින් ශාසනික අභිවෘද්ධිය උදෙසා ඉටු කළා වූ මහඟු මෙහෙවර පිළිබද මෙහිදී මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය, ප‍්‍රශංසාව සහ ඇගැයීම ජනාධිපතිවරයා වෙත පළ කෙරිණි.
විශේෂ අනුශාසනාවක් සිදු කළ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහනසේ් සඳහන් කළේ ජාතියේ, සම්බුද්ධ ශාසනයේ මෙන්ම සම්ප‍්‍රදායේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපතිතුමා ඉටුකළ මෙම උත්කෘෂ්ට කාර්යය සමස්ත මහා සංඝරත්නයේ දැඩි ප‍්‍රශංසාවට ලක් වන බවයි.
ධර්මය විකෘති කරමින් සිටින යුගයක එම බරපතළ තත්ත්වය පිළිබඳ රාජ්‍ය නායකයා ලෙස නිසි අවධානය යොමු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකළ මෙම කාර්යය එතුමාගේ ධූර කාලය තුළ ඉටුකළා වූ විශිෂ්ට කාර්යභාරයන් අතර ඉතා උතුම් කටයුත්තක් බව ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ මෙහිදී ප‍්‍රකාශ කළහ.
අද දින සිදු කරන ලද මෙම උතුම් කටයුත්ත සේම 1818 කැරැල්ලේ දී රාජද්‍රෝහින් ලෙස නම් කළ අපගේ ජාතික වීරයන් එම අපවාදයෙන් ගලවා දේශපේ‍්‍රමින් ලෙස ජාතික වීරයන්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර මෙරට මහා සංඝරත්නයේ දැඩි ප‍්‍රශංසාවට ලක්ව තිබෙන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඓතිහාසික කටයුත්ත මගින් උතුම් ති‍්‍රපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරාගෙන ඊට නෛතික ආරක්ෂාව සැලසීමට හැකි වන බවයි.
මින් ඉදිරියට රජයේ අවසරයකින් තොරව ති‍්‍රපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන අතර. මින්පසු ති‍්‍රපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප‍්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවත්, මේ අයුරින් රාජ්‍ය මැදිහත්වීම සිදුකළේ උතුම් ති‍්‍රපිටකයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ති‍්‍රපිටකය ආරක්ෂා කරන අතරම ඉර හඳ මෙන් බබළන එහි විවෘත භාවය උදෙසාත් කටයුතු කිරීම අප සතු වගකීමක් වන අතර බෞද්ධ සම්ප‍්‍රදායේ පිහිටමින් ශාස්තී‍්‍රය ලෙස බුද්ධ වචනය තේරුම් ගැනීම සඳහා කරන විමර්ශනයන්ට අනුබල දීමක් මෙමගින් සිදුවන බව ද ජනාධිපතිවරයා පැවසී ය. මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මෙම අත්‍යාවශ්‍ය තීරණයට තමා එළැඹියේ ධර්මයේ හැසිරෙන සහ බුද්ධ භාෂිතය පිළිබඳ අප‍්‍රමාණ ගෞරවාදරයකින් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම උතුම් පුණ්‍ය කටයුත්ත තම ධූර කාලය තුළ ඉටු කිරීමට ලැබීම තම පුණ්‍ය මහිමයක් ලෙස සලකන බව ද කියා සිටියේය.
අද පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරය වෙත ගිය ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කර උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේය.
අනතුරුව පැවති උත්සව සභාවේ දී ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත‍්‍රය ජනාධිපතිවරයා විසින් මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීය.
ආලෝක විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ඉනාමලුවේ නන්දරතන හිමිපාණන් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ,ධම්ම චක්ක ධම්ම, සූත‍්‍රය ඇතුළත් පුස්කොළ පොත ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදි.
මෙම ඓතිහාසික කටයුත්ත සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර එය මහානායක හිමිවරුන් වෙත සහ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු විය.
ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නායක ස්වාමින් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ දිවයිනේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නය එක්දහස් පන්සීයකට අධික පිරිසක් ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු සැදැහවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
COMMENTS