නීති ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකළ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීම සඳහා ඇති ...
නීති ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකළ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීම සඳහා ඇති සාක්ෂි දින 14ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමය විසින් ලිපියක් යොමුකර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.
නීතිඥ සුගන්ධිකා මහත්මිය ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද එම ලිපියේ දැක්වෙයි.
එම සාක්ෂි ලැබීමෙන් පසු ඒ පිළිබඳ සොයාබලන බවත් ඒ අනුව යම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු වේ නම් තරාතිරම නොබලා කටයුතු කරන බවත් නීතිඥ සංගමය විසින් සුගන්ධිකා මහත්මියට ප්‍රකාශ කර ඇත.
අප්‍රේල් මස 26 වැනිදා නීතිඥ සංගමය විසින් මෙම ලිපිය ඇයට යොමුකර තිබේ.
COMMENTS