මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා තවදුරටත් රක...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද (01) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.
එහිදී සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥයින් ඉල්ලීමක් කර තිබේ.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි.
එම නිසා ඇප ලබා දීමට තමන් විරුද්ධ බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව සඳහන් වේ.
COMMENTS