දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය
Homeප්‍රවෘත්ති

සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය

PropellerAds

සේනා  දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොව...

හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!
2017 ජගත් සෞඛ්‍ය විද්‍යා පර්යේෂණ සම්මානය ලංකාවේ වෛද්‍ය ජී.ජී. චමල් සංජීවට
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමග තෙල් නැව පැමිණෙයි.
සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය

සේනා  දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

පක්ෂ පාට දේශපාලන භේදයකින් තොරව ජාතික ව්‍යසනයක් සේ සලකා රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙළ සඳහා සේනා මර්ධනයට සියළු දෙනාගේ සහාය ලබාදෙන ලෙසද නාමල් කරුණාරත්න මහතා සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

එමෙන්ම සේනා  දළඹු මර්දනය සඳහා විශේෂ යෝජනා කීපයක් සිදුකරන බවත් ඉන් එකක් බවට පත්ව ඇත්තේ සේනා දළඹුවන් කීටයන්   අල්ලා දෙන අයට  එක සතෙකු සඳහා රුපියලක  මුදලක් ගෙවීමට රජයට යෝජනා කරන බවය. එවිට බොහෝ ජනතාව ඒකරාශී වී කාල රාමුවක් තුළ මෙම සතුන් අල්ලා භාරදීමට   ඉදිරිපත්වන බව හෙතෙම සඳහන් කළේ ය.

සේනා  දළඹුවන් පැතිර ඇති ප්‍රදේශ සහ වගාබිම් විනාශ කොට වළ දමා  මෙම තත්ත්වය රටෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් ද රජය  ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පහළ සිටින ගොවිබිම් වලට ක්‍රියාත්මක නොවීම බරපතළ ප්‍රශ්නයක් බවද හෙතෙම සඳහන් කළේය.

තමන් රජයට යෝජනා කර සිටින්නේ මෙම   සලබයන් කීටයන්  සහ දළඹුවන් මර්ධනය  කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කොට ගොවිජනතාවට ඒවා මර්දනය කිරීමේදී මුදලක් ලැබිය යුතු බවය.

එවිට සියලු දෙනාගේම සහයෝගය ඊට නතු වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙරට ජනමාධ්‍ය ආයතන ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් සිටින බවත් නමුත් රජය මේ වන තුරුත් ඒ සඳහා නිසි ආකාරයෙන් ඉදිරිපත් නොවීම බරපතල ප්‍රශ්නයක් බවත් රජය මේ වන විට දළඹු මර්දන දෙසතිය නම් කර තිබුණද ඊට නිසි විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස තමා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය
සේනා දළඹු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය
http://am.lk/media/k2/items/cache/c86cfb56e48a467a9b64bddf4d7dfae6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_809.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_809.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy