දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!
Homeප්‍රවෘත්ති

හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!

PropellerAds

පණ්ඩුකාභය, දුටුගැමුණු, මහසෙන්, ධාතුසේන, නියෝජනය කරන්නේ මේ කොටසයි. මෙහි විශේෂත්වය වන්නේ පැරණි හා පවතින සියලු තත්වයන් මෙන්ම නවීන තත්වයන් ද ...

උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.. ස්තානාධිපති කොරෝනා පරීක්‍ෂාවට
නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!

පණ්ඩුකාභය, දුටුගැමුණු, මහසෙන්, ධාතුසේන, නියෝජනය කරන්නේ මේ කොටසයි. මෙහි විශේෂත්වය වන්නේ පැරණි හා පවතින සියලු තත්වයන් මෙන්ම නවීන තත්වයන් ද භාවිතා කරමින් වසර ගණනක් සදහා වන සංවර්ධන වැඩසටහන් සකස් වීම සදහා රට සූදානම් කරවීමයි. මේ සදහා සියළු ආකාර කොටස් වල දායකත්වය හා සහභාගිත්වය ලබාගැනීම පසුගිය මැතිවරණය තුලින් ද දැකිය හැක්කක් විය.

ප්‍රතිපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන්ම රට ගැන නොසිතන අතර යක්ෂ මූලික කණ්ඩායම් සිය බිම වෙනුවෙන් කිසිත් නොගෙන දිවිය වුව මෙහි පුදයි. 71, 89, 2009 හමුදාවේ සාමාන්‍ය සෙබළු හා කොටි සංවිධානය නියෝජනය කරන්නේ ද මෙම යක්ෂත්වයයි.

යක්ෂත්වය හුදු ගෝත්‍රයක් හෝ කුලයක් නියෝජනය කරන්නේ නැත. එහි ස්වභාවය බිම ආරක්ෂා කරගැනීම හා අනාගතය වෙනුවෙන් පවත්වාගෙන යාම පිළිබඳව වන ඇල්මයි. එය ලංකාවේ වරින් වර උද්ගත වන සමාජ තත්වයකි. සොබාදහම හා ඒකාග්‍රව ගත කරන ස්වල්ප ජීවිතය හා ඒ තුළ ගොඩනැගෙන ප්‍රාචීන ජීවිතය මෙහි සාරයයි. ජපානය, චීනය හා ඈත පෙරදිග රටවල පවා මෙම සංකල්පයන් වරින් වර මතු නොව එම රටවල් ස්වාධීන සංවර්ධනයේ හිණිපෙත්තට යාම සදහා භාවිතා කළේ මෙම සංකල්පයයි. බුදුදහම ලෙස මතු වන්නේ හෝ ඉන් පසුව ඉතිරි වන්නේ සහ එය ලංකාව තුළ පැලපදියම් වන්නේ මේ යක්ෂත්ව ලක්ෂණයේ නෂ්ඨාවශේෂ මෙහි ඉතිරි වන බැවිනි.

ලංකාව එහි දේශපාලන සිතියමේ හැඩය තීරණය කරන්නේ මෙම සංකල්ප දෙක අතර වන ගැටුමෙහි ප්‍රතිඵලයි. අභ්‍යන්තරික වන මෙම අවස්ථා දෙක ලංකාවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මහනුවර යුගයෙන් පසුව තෙත් කලාපයට ආ ඉන්දියානු රජවරුන් විසින් මෙම තත්වය වනසාලීම සඳහා කුල වලට එකතු කර පහත් කර දැමූහ.  ස්වදේශිකත්වයේ කොටස් ඉන්දියාවෙන් පසු පැමිණි සියලු දෙනාට හිමි ය. එසේම එය මුස්ලිමුන්ට හා දෙමළුන්ට ද හිමිය. මේ රටේ සියළු දෙනා ස්වදේශික වුවත් ස්වදේශික නොවන රාජ්‍ය හා සමාජ ක්‍රියාකාරිත්වය රට හැම විටම වනසයි.

සාටෝපයන්ගෙන් සමන්විත ප්‍රචාරණවාදී ආඩම්බරයක ගිලී ඇති දෙබිඩිකම ලංකාව සියවස් ගණනක විදේශික සූරාකෑම පෙන්වයි. රාජධානි තෙත් කලාපයට මාරුවීම දක්වා ද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ සමග අත්වැල් බැඳගත් එය නිදහසින් පසු කළු සුද්දන් බිහිකර අවස්ථාව පවත්වාගෙන යන ලදී. එය ස්වදේශිකත්වය විරෝධී මැදිහත්වීමයි. ඒ සදහා පවතින බුදුදහම හා සංඝ සංස්ථාව නොමදව අනුබල දෙන ලදී. තවමත් එය එසේමය.

සංස්කෘතික වශයෙන් මෙම තත්වය වටහා ගත් පළමු සිනමා නිර්මානය ‘අබා‘ ය. නමුත් අබා යනු මහා සම්ප්‍රදායේම ඉන්දියානුකරණය හා යුරෝපාකරණය වූ වීර චිත්‍රපටයකි. එහි යක්ෂභාවය භාවිතා කර තිබුණේ අලෙවි උපක්‍රමයක් වශයෙන් පමණි. යක්ෂ සමාජභාවය ඉන් පසුව රාවණා ලෙස දෙවන ප්‍රචාරකවාදී බොලඳ දේශපාලනය කරමින් තිබේ. එයද ක්‍රිස්තියානිකරණය වූ බුදුදහම ඔසවමින් ප්‍රති යක්ෂ මැදිහත්වීමක් සිදු කරනු ලබයි. බැලූ බැල්මට එය ඉන්දියානු මොඩලයකි.

සුජීව ගුණරත්න කාල ගෙන එන්නේ මෙවැනි සන්දර්භයකදීය. සුජීව ගෙන එන්නේ නූතන කොහොඹා යක් කංකාරිය නම් කාලය නිවැරදිය. යුද්ධය අවසන් වී ආර්ථික ඝාතනයක් ද අවසන් ව ඇති ලංකාව ස්වදේශිකත්වය මුසු සංවර්ධනයකට ගැලපෙන වටපිටාවක හිඳී. රාජ්‍ය නායකයා නළුවෙක් නොවන නිහතමානී ස්වදේශිකයෙක්ය.  අගමැතිවරයා උත්තර මහා වංශය අනුදත් නාගරික ඉහළ පන්තියෙන් පැමිණ තිබේ. දෙදෙනාටම වඩා ඔවුන් බහු ජාතිකත්වයෙන් පත්ව තිබීම සමස්ත රටේ නියෝජනයෙන් ස්ථාපිත වීම සිදුව ඇත.

නිසැකවම ලක්ෂ 62 නියෝජනය ලංකාවේ යක්ෂත්වය සනිටුහන් කරයි. මූලික පවුල්වාදී ආගමික හා ස්ථාපිත පීඩාකාරී කොටස අහෝසි කරමින් ලංකාවේ සියලු පීඩිත කොටස්, සුළු ජාතිකයින් එක්ව මෙම යක්ෂත්ව නියෝජනය ලබාදී ඇත. යක්ෂ ආකාරයේ මහජන කොටස් මේ දක්වා මොන ජාතියේ ජීවත් වූවත් සුළු ජාතියක් ලෙස ජීවත් විය. රට ස්වදේශිකකරණයේ මූලාරම්භයට පැමිණ ඇත. සුජීව සිය පළමු යක් කංකාරිය සදහා සූදානම් ව සිටී. ඒ නිවැරදි කාලයේදී ය.

රටක් සංවර්ධනය කරා යාමට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ නිදහසයි. ඒ නිදහස සිතීම හා සැලසුම් කිරීම සදහා අවකාශ සපයයි. ගෝලීය ආර්ථිකයේ ස්වදේශික සලකුණ ආර්යකරණයෙන් තැබිය නොහැකිය. එම නිසා “කාල“ එහි නිවැරදිම කාලයේ පැමිණ තිබේ.

සමස්ත මාධ්‍යම ඉන්දියානුකරණය වී ඇත. නාමික ස්වදේශික චැනලයන් වපුරන්නේ යුරෝපයෙත් කසිකබල් අදහස් ය.  එහි මූලිකව ඇත්තේ නිදහසකි.  
සමාජය හාත්පස වසා ඇත්තේ පාරිභෝජනවාදී සැණකෙලිය. රටේ ජනගහනයෙන් සියයට 15%ක් බෝ නොවන දිගුකාලීන රෝග වලින් පීඩා විඳී.

ස්වදේශීත්වය ලංකංවේ පළමු සංවර්ධන වැඩපිළිවෙළ බවට පත් විය යුතු ය. ස්වදේශීත්වය යනු රට දැය සමය කෙරෙහි ඇති ඇල්ම නොවේ. එය එක්තරා දේශපාලනික ප්‍රචාරයක් පමණි. සංවර්ධනය සදහා ස්වදේශීත්වය අවශ්‍ය බව වැවක් නිර්මාණය කරමින් හීං කුරුට්ටා පෙන්වා දෙන්නේ දැන් වැව් සැකසීම ස්වදේශී සංවර්ධන සංකල්පය යන්න නොවේ. දේශීය සංවර්ධන සංකල්පයක් අවශ්‍ය බවයි. දැන් ලංකාව වැසී ඇති ආගමික හා සංස්කෘතික අගතිය මීට වසර සිය ගණනකට පෙර පැවැති පෙරහැර වලින් දිස් වේ. පෙරහැර පමණි. නිෂ්පාදනයක් නැත. භෞතික වෙනස් වීම් නැත.

කාල රජ කතාවක් නොවේ. එය ස්වදේශික ජන කතාවකි. කිසිවෙක් නොකියන බල අරගලයක කතාවකි. ලංකාවේ මිනිසුන් හැමදා මිය යන කතාවේ හේතුව කාල කියයි. තමන්ගේ රටේ ගමේ වැව්වල ඇති සිදුරු වසන්නට ගොස් මියැදුන වුන් දහස් ගණනකින් ලංකාව පිරී ඇත. “කාල“ මෙන් ඔවුන් ද යොවුන් වියේ ම අපලයට හසු විය. පිළිම නෙලා නැති විරුවන් වෙනුවෙන් සුජීව පෙනී සිටී.

ප්‍රාදේශීය දේව සංකල්පය යනු වෙන කිසිවක් නොව ලංකාවේ ස්වදේශිකත්වයේ මූලික ඇදැහිල්ලයි. එය ඉන්දියානු දේවවාදයට යට වී චූලවංශය බවට පත් වූ දේව වාදයයි. කාල ගේ මරණය වෙනුවෙන් වැව් ඉස්මත්තේ කුඩා දේවාලයක් ඉදි වන විට බුදු දහමේ යතිවරුන්ගේ මරණ මංචක ඊජිප්තු පිරමිඩ් ගණනට විශාල ව අනුරාධ පුරයේ පොලොන්නරුවේ ස්ථූප ලෙස දිස් වේ. ආගමික අභිලාෂය මුලට දමා ස්වදේශිකත්වය දඩයම් කල ඉන්දියානු මැදිහත්වීම සුජීව සිය නිර්මාණය තුළ පසෙකට කරයි.

මහා මාළිගා සහිත අනුරාධපුරය දුර රූපයකින් පෙන්වන ඔහු කලා වැව අසබඩ ග්‍රාමය සිය නිර්මාණයේ තෝතැන්න බවට පත් කරයි. මහා මාළිගා නොතනන හේතුව මුදල් අවම ලෙස භාවිතා කිරීමම වන්නේ නැත. ලංකාවේ බොහෝ නිර්මාණ අවසන් වන ලක්ෂය නගරයේ තැබීමට උත්සුක වෙයි. මෙය වසර 50කට අධික කාලයක් “නවීකරණය“ මූලික වෙනස්වීම්කාරකය ලෙස ඇමක් ගිල සිටින සිනමාකරුවන්ගේ උගුලයි. සුජීව එහි වැටෙන්නේ නැත.

ඔහු මහා සම්ප්‍රදාය ගන්නේ ද චූල ලෙස වීම ප්‍රශංසා කළ යුතු ය. ඉන් අදහස් වන්නේ ග්‍රාමීය අල්පේච්ඡත්වයේ සුන්දරකම නොව අව්‍යාජ නිර්මාණයකට ඇති කැමැත්තයි. ලංකාවේ අධිපතිවාදී මහා සම්ප්‍රදාය සියල්ල දකිමින් සියල්ලට ඉහළින් සියල්ල විකුණමින් තිබේ. විශ්වවිද්‍යාල වල සිට කලාව දක්වාත්, මහා සමාගම් වල සිට රජය දක්වාත් මේ මහා සම්ප්‍රදාය උගුලේ හිරවී තිබේ. පසුගිය කාලයේ පැමිණි “රජකතා“ සියල්ල තුළ තිබුණේ හීනමානික ගෙඹි පිම්බීමකි. ඒ පිම්බීම තුළ ගෙම්බා වෙනුවට අප දුටුවේ ඉන්දියානු කබරයෙකි. යුරෝපා ගෝල චිත්‍රයක කටු සටහනකි.

සුජීව ගේ නිර්මාණය ඔහුගේ ඇඟිල්ලේ තරමට තිබීම නිශ්චිත වශයෙන්ම සතුටුදායකය. හොරාට වගේ ෂොට්ස් එහි නැත. හතරැස් වුණු ග්‍රැෆික්ස් ද නැත. මෙහි දේව පුරාණයක් වුවද පුදුමයකි. ආශ්චර්යයන් හෝ මවාපෑම් නැත. සුජීව නියෝජනය කරන්නේ ස්වදේශිකත්වයයි. එයින් ඔහු දුනු ඊතල ගත් වැද්දෙක් යන්න ප්‍රකාශ නොවේ. ඒ තුළ ඇත්තේ රටට දැරිය හැකි අවංක ස්වදේශිකත්වයයි.

එය පොදුවේ නිදහසින් පසු හෝ අතීතයේ පටන් පැමිණි බෞද්ධවාදයෙන් ගිලී යන්නේ නැත. පන්සලේ හිමිනම ගැමියෙකි. ඔහු බුදුවන්නට හෝ හර්කියුලිස් වන්නට තැත් කරන්නේ නැත. අභිධර්මය දෙසන්නේ ද නැත. රඟපාන්නේ ද නැත. ගැමියෙකු සතුව රට වෙනුවෙන් කළ යුතු ආගමික (යක් දෙස්සාගේ) කාර්යය ඔහු විසින් සිදු කරයි. එය අත්‍යවශ්‍ය නිෂ්පාදන මැදිහත්වීමකි. සිවුර කඩා දමා වරෙව්-යමව් යන ප්‍රචණ්ඩකාරී චීවරධාරිත්වයෙන් චිත්‍රපටය තුළ සඟුන් ගැළවීම සුජීව විසින් සංඝයා වෙත කරන ලද නමස්කාරයකි.

අතීතකාම චිත්‍රපට තුළ ඇති නව ලිබරල්වාදී සාටෝපය , ඇමරිකන් පුරාවෘත්තවල ඇති අතිශයෝක්තිය යන දෙකම “කාල“ වෙතින් ගළවා ඇත. ඇඳුම් නිර්මාණයේ සිට කලා අධ්‍යක්ෂණය දක්වා ගැඹුරු වෙහෙසක් දරමින් එය මේ බිමෙහි කරවීමට ඔහු විසින් ගත් උත්සාහය අගය කළ යුතු වේ. පෙනි පෙනී ඉන්දියානුකරණය කළ අතීතකාම චිත්‍රපටවලට ඇති එම චෝදනාව සුජීවට එල්ල වන්නේ නැත. රජකතා නිර්මාපක ලාංකීය මුදලාලිලාගේ ඉන්දියානුකරණය ට එරෙහි ව කැරැල්ලක් සුජීව විසින් දියත් කර ඇත.

එසේම එය පවතින කිසිදු මාධ්‍ය ප්‍රචාරකවාදයක් නියෝජනය නොකරයි. පුරාවෘත්ත බීජ පරීක්ෂණාගාරයක දෙමුහුම් කර විකාරරූපී මැක්ඩොනල්ඩ්කරණයක් සිදු කිරීම ලෝකයේ වෙළදපළ සම්ප්‍රදාය බවට පත්ව ඇත. සුජීව ජනප්‍රවාදයෙහි වන සමාජ සත්‍යයට උඩගු ලෙස හානි කරන්නේ නැත. නිකට උස්සා ජනප්‍රවාදය දෙස මහාවංශික ඇසකින් බලන්නේ ද නැත. ඇතැම් නිර්මානවල දුටු රජවරුන් මිශ්‍ර කිරීම සුජීව විසින් සිදු කර නැත. ජනප්‍රවාදය විකෘති කිරීම සංස්කෘතික ත්‍රස්තවාදයකි. වර්තමාන රජකතා චිත්‍රපට නිර්මානක ත්‍රස්තවාදීන් මී මුත්තන් විනාස කර හමාරය.  නමුත් “කාල“  ජනප්‍රවාදයෙහි වෙනස් නොකිරීම සැබෑ නිර්මාණක මීමුත්තන් වෙනුවෙන් කරන උපහාරයකි.    

හීං කුරුට්ටා හදන්නේ වැවකි. එය එකල නිෂ්පාදනයේ ගාමක ශක්තියයි. වැව සකසා ඔහු වැව රකී. සෑම ගමකටම වැවක් වැනි දෙයක් හැදීම අපේ නව සංවර්ධන සංකල්පය විය යුතුය. වැව වෙනුවට කාපට් පාර මාරු වීම සංවර්ධනය නොවේ. ඒ සදහා කොන්ත්‍රාත් ගැනීම පුද්ගල සංවර්ධන වැඩකි.  

අපේ ග්‍රාම සීමා නිර්ණය පළමු වරට කරන ලද්දේ පණ්ඩුකාභය රජු කාලයේ ය. මෑත සීමා නිර්ණය කරන ලද්දේ ඉංග්‍රීසි යටත්විජිතකරණයත් සමගය. මෙම සීමාවන් මිනිසුන්ගේ අවශ්‍යතාවය මත යළි මාරු විය යුතු වේ. වියළි කලාපයේ සීමාව වැවක් ලකුණු කරයි. බොහෝ ගම් වල නමක් සමග වැවක් ඇත. ගමක් වෙනුවෙන් ප්‍රධාන ජනන ස්ථානයක් පැරණි රජරට ගම්වල තිබුණි. ලංකාවේ සියලු ගම් සඳහා යළිත් ප්‍රධාන නිෂ්පාදන ස්ථානයක් තිබිය යුතු වේ.

අද වන විට තත්වයන් වෙනස් වී ඇත. රාජධානි තෙත් කලාපයට මාරු වී ඇත. ජාත්‍යන්තර හා තාක්ෂණික පදනම් වෙනස් වී ඇත. එවැනි තත්වයක් යටතේ ග්‍රාමීය ලක්ෂ ගණනක වන ජීවන අපේක්ෂාවන් එහි සොබාදහම හා ගැමි සංස්කෘතිය මෙන්ම භෞතික භූගෝල පිහිටීම මත තබා සිතා බැලිය යුතු ව ඇත.  

ගෑනිට බය වුනත් හීං කුරුට්ටා කැලේට බය නැත. පිරිමි නිවස හැරදා පළා යා යුතුමය. නිවසට වී සිටින්නට කැමැති ගැහැණු නිවසේ රැඳිය යුතුමය. ඔහු දුටුගැමුණු මෙන් නිවස හැර පළා යයි. පළා යන්නේ ඔහුගේ සැබෑ නිවසටය. ඔහුගේ සැබෑ නිවස පරිසරයයි. නිවාස අඩස්සිගත වී සිටින පිරිමින්ට වළං කට්ට කරේ හිටින්නට පහර ගැහිය යුතුය. එවන් කාන්තා මැදිහත්වීමකින් පිරිමින් යළි සමාජගත කිරීම පිළිබඳව වන ඉඟියක් ඇය විසින් ලබා දෙයි.

වැවක් වෙනුවෙන් ජීවිතය දුන් යක්ෂ කොල්ලෙක් වීරයෙක් හෙවත් දෙවියෙක් වන්නේ කෙසේද? නිදහසින් පසු අප වැව් කීයක් හාරා ගරාගෙන ඇත්ද? ගෑණිගෙන් ගුටි කා වලං කට්ට කරේ තබාගත් අමු ගැමියෙක් රජවාසලට යන්නේ කෙසේද? අපි කොතරම් නම් ගෑණුන්ගෙන් වළා පාරවල් කන පිරිමි නොවන්නේද? අපේ ගැහැණු අපට මැද පෙරදිග සිට එවන්නේ කරට වළං නොවේද?

තේ පඳුරු වලට මුවා වෙමින්, අරාබි කුස්සි වල හැංගෙමින්, ගාමන්ට් ලයින් මාරු වෙමින්, රබර් ගස් වලට වහං වෙමින්, කළු ලෑල්ලට මුවා වෙමින්, දොස්තර දෙස නොබලමින් “කාල“ ප්‍රසූත කරන්නට තතනන ගැහණුනි, ගහපියව් තොපෙ හීං කුරුට්ටට වලං කට්ට කරේ හිටිංටම..  

සකල ලාංකික පිරිමින් කැලෑ වැදිය යුතු යැයි හීං කුරුට්ටා කියයි. පිරිමි අප කැලෑ වැදී මොන ලබ්බක් හොයන්නද? හීං කුරුට්ටන් ලක්ෂ ගණනක් කසිප්පු බොමින් බීඩි උරමින් ගෑණු රට යවමින් සිටී. හීං කුරුට්ටනි කාල බලපියව්.. කැලෑ වැදියව්.. !

-සරෝජ් හේමන්ත ද සිල්වා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!
හීං කුරුට්ටනි 'කාල' බලපියව්.. කැලෑ වැදියව්.. !!
http://ift.tt/2hfzZf8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy